Friday, December 23, 2011

පිලේ පහන නිව්වා ම මගොම්මන් අඳුරේ


පිලේ පහන නිව්වා ම මගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ

පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්ඩ

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක


Friday, November 4, 2011

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ



මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවෙ


හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ
මලට කලින් අපි තෑලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ


මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි
නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවෙ



Monday, October 17, 2011

ගුරු පාරදිගේ සිනා සලාලා


ගුරු පාරදිගේ සිනා සලාලා
සුදු ලමාසාරියෙන් සැරසීලා
මුදා අරුනු රැල්ලක් සේ
අකුරට ගිය බාල ලියන්
අද කොහේ ගියාදෝ

පාන්දරින් මුතු පින්නේ මල් සිනාසුනා
කෝන් ගහේ අතු අස්සෙන් ඉර සිනාසුනා
අපි තොටමුන ලග මුනගැහිලා කියාදුන්න කතා කිය කියා
අද ඒ ලස්සන කෝ... උදා ඉරේ

ඈත් වෙලා ගමෙන් නුබත්
කාලය ගෙවුනා
අතමිට සරු වී නෙලන්න බැරි මලක් උනා
මග තොට දුටුවත් ඉදහිටලා ... නාදුනා ලෙස දුරස්වෙලා
අද ඒ ලස්සන කෝ නුබේ හිතේ

Victor Rathnayaka


සමකෝනී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත්



සමකෝනී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා ඈ තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා මා මේ මුල්ලේ සිටියා

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝනයේ පාද සමයි

සමච්චේද නෑ කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මූනට මූන බලා




දසිස් දිනා රුපු රජුන් නසා


දසිස් දිනා රුපු රජුන් නසා
ලොව තෙදින් තමා නතුකලෙම් මෙමා
එද එවන් ලොවෙන් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැලක් විනා

අදින් මතුව යලි සටන් වදින්නට
රජෙක් නොමැති සියහහසුන් කරා
සුසුම් හඩින් මිස
සිතින් බැහැර නොව
ඉදින් මගේ දුක කිරුල දරා

දිනූ විසල් ලොව
සිතින් හරින්නෙමි
උතුම් මිනිස්කම මවෙත රදා
මගේ දෙපා මුල වැටී මෙසේමම
කියම් මගේ දුක මටම හඩා


Sunil Edirisinghe

හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ



හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ
පිසින්නේ කවුරුදෝ

කදුලුදනව්වේ උල්පත
හඩන හැඩුම් ගංගා ගලා
ඒ ඉවුරේ මෙසේ
ලොවේ අය දිව යතේ

යුගෙන් යුගේ අත්වැල් බැදී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිවුනේ සදා
මිනිස්කම .......



මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවද දෙන්න



මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවද දෙන්න
ගගක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න

ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවාදෙන්න
නැවුම් සදක් වී මල් මාවතේ
නෙතු සලා ඔබ සිනාසෙන්න

මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රැදී ඉන්න
පවන් රොදක් සේ මා ලග වෙලී
ජීවිතේ දුක නිවාලන්න


Sunil Edirisinghe


සංතාප මාවතේ සංවේදනා මැදුරේ



සංතාප මාවතේ .. සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්

තරුවක් වෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමන්තලේ
නොසැලී රැදී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටබුන් අතීතයේ

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ ගිලීගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමා මෙසේ

Sunil Edirisinghe




කදුලු දෙන්න මට හඩන්න සත්සමුදුරු ගොඩගලන්න



කදුලු දෙන්න මට හඩන්න
සත්සමුදුරු ගොඩගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න

හෙට උපන්න ආලවන්ත
ඒ රුව කො මට කියන්න
මගෙ තනියට මා පමනයි
ඇය එවන්න මා බලන්න

එහි ගිය දේ පියාපන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න


Download Link





Friday, August 12, 2011

ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සගවාගනු බෑ නෙ ආදරේ

ඔබ මුලින් දුටුව දින මා
මුලු හදවතින්ම බැදුනා
මතකයි එදිනේ රහසින් බැදුනා ආදරේ....

සිත ඔබ ලගින්ම රැදුනා
මට කියාදෙන්න සිතුනා
තාමත් පවසාගනු බෑ ම‍හදේ ආදරේ........

ආදරේ ආදරේ ආදරේ ආදරේ//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවාගනු බෑ නෙ ආදරේ

සිත නොදුන්නාද අසලා
කාටවත් නොමැත කියලා
මාගෙන් කිසිදා නැඇසූ නොකියූ ආදරේ......
සුරගනක් ලෙසින් දකිනා
සුබ දසුනකි මන බදිනා
ඔබගෙන් තවනෑ පැතුයේ පතනා ආදරේ....

ආදරේ ආදරේ ආදරේ ආදරේ//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවාගනු බෑ නෙ ආදරේ

සිහිනෙනුත් ඔබව දුටුවා
සැබවිනුත් ඔබව දුටුවා
දෙනෙතින් ඔබනෑ දුටුවේ තවනෑ ආදරේ....
තනියෙනුත් පාලුවෙන් මා
අද ගෙවන දිවිය සැමදා
ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ ආදරේ.....

ආදරේ ආදරේ ආදරේ ආදරේ//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවාගනු බෑ නෙ ආදරේ

Sohan Weerasinghe

බාගන්න

ආදරේ ඔබගෙන් හිමි වේදෝ

ආදරේ ඔබගෙන් හිමි වේදෝ
මා‍‍ ඔබේ සැනසුම නේදෝ
මල්සරේ පාවීලා ඒ සුවේ වෑහිලා
මගේ දෑසේ ආදරේ සේයා

යන් යන් යන් පාවී පවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙ‍ම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා
ඔබ සොයා මම ආවා

ජීවිතේ සැනසුම් හමුවේවා
ආදරේ තන ලං වේවා
රන්රසේ පෑහිලා ආදරේ නෑවීලා
පාරාදීසා වේදනා නෑ.... නෑ

යන් යන් යන් පාවී පවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙ‍ම් පෙම් පෙම්

Jagath Wickramasinghe

බාගන්න


Tuesday, August 2, 2011

තරහ නොවෙන් මචන්

http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1878

ගුනෙ අයියගෙ බජව් දාන කාමරේ WELCOME

වෙල්කම් වෙල්කම් මචන් ඩබල් සැලුන් දමාලා
සම්තින් සම්තින් ‍හොයන් ගියපු ගුනෙ අයියා ආයෙ ඇවිල්ලා
ටිවිංකල් ටිවිංකල් ‍ලිටිල් ෆෙලෝස්ලා ඔක්කොම අයින් වෙයල්ලා
කම් ඉන් කම් ඉන් සොමි පොරවල් ටික සේරම මෙහෙට වරෙල්ලා‍

කැමර කටෝ මෙහෙට වරෝ
කලර් දමා ෆොටෝ ගනිං
ගුස්පි රොබෝ පච්ච සිරෝ
පතර ...... ඇදල ගනිං


බයියෝ බයියේ බජව් වලට පොල්ල තියපු සින්දු කටාලා
ගොයියෝ ගොයියෝ අරන් ඇවිත් වදේ දමව් හොදට පොවාලා
දෙයියෝ දොයියෝ නැති ඩිංගට සයිස් දාපු ගොරක මෑන්ස්ලා
අයියෝ අයියෝ ගුනෙ අයියට අද වදිනව දෙකට නැමීලා

සයිඩ් එකේ ශේප් එකේ වැඩේ දියන් දමල දඩේ
කවර් එකේ පවර් එකේ අච්චු දියන් ඇදල ලෙඩේ

නාඩන් නාඩන් බර පොරවල් සේරම ටික මෙන්න ඇවිල්ලා
ඇම්ඩන් ඇම්ඩන් පීචන් ග්‍රහයන් ඔක්කොම එලව දමල්ලා
හොල්මන් හොල්මන් නොකර නිකන් තමුන්ගෙ වැඩ බලාගනිල්ලා
වෙල්ඩන් වෙල්ඩන් විසිල් ගහල අපේ සොමිය පටන් ගනිල්ලා

රතට රතේ රුදිරෙ ඇතේ හයිය හිතේ හොදට ඇතේ
කාසි නැතේ වාසි නැතේ අපේ පොතේ බොරුව නැතේ

Nihal Nelsan

බාගන්න

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ
අහපන් රියල් කතා
ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකේ
වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි
තියෙනවා මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලා ලා
ගුස්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

නළු මන්ට් ලා නිලි මන්ට් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරින් කකුල්ස් එකට වැටීලා
ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් බීඩා ගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත


මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ


Tuesday, July 26, 2011

ගමනේ ගිම් නිවූ එදා

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙලා/

මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා
ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා

ගමනේ ගිම් නිවූ එදා.../

ඔබ මං මුළා වෙලා ගියා - පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ පිරමිදයේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලි දෛවයේ තාරකා

ගමනේ ගිම් නිවූ එදා.../

Milton Mallawarachchi

බාගන්න


හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට

හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
සිත මගෙ බොලද වෙලා
අන්සතු හදකට පෙම්කල වරදට
නුඔ මට එරෙහි වෙලා

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බෑ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී

හිමි නැති පෙමකට ඉකිබිද...//

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සි‍‍තෙයි අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිද හිනැහෙනු මැනවී

හිමි නැති පෙමකට ඉකිබිද...//

Malani Bulathsinhala

බාගන්න
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානෙ මේ හිත වසුන්දරී
දිගු දෑස බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඇස්පියෙන් අදියි කෑලි කැපෙන රදු රාත්‍රියේ
කීරිගැහෙන සිත අනුහස අයදියි ප්‍රේමයේ
එය පමනක් ශේෂය වේනම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙනවා සිත අවිවේකයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදකලාව අවනඩුවක් ගෑනු ලමයෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන..../

ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැතිනම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමෙන් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදකලාව අවනඩුවක් ගෑනු ලමයෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන..../

Amarasiri Peris

බාගන්න

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරුනු නගරයයි//

වැව් ඉවුරේ දියරල පෙල සේම බිදෙනවා
නුග ගස්පෙල අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කදුලැල්ලෙන් එතෙර පෙනනවා
ඔබත් එක්ක ආයෙත් එහෙ යන්න හිතෙනවා

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරුනු නගරයයි//

ඔබත් අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිගිති පුතා අතැගිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරුනු නගරයයි//


කෝ මා පැතූ ඔබෙ ආදරේ

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

ආවේ එදා මා තනීවී ලොවේ හී
නැතිවී ගියා ඒ හැගුමන් මෙහී
යලි මා අනාතයි උතුරාගලායයි
සංවේදනා

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

ඈ හා අතීතේ ගැයු ගීතරාවෙ
මුසුවී ඇසේ වා සුල‍ගේ පවා
කිරිලී කැදැල්ලේ ,කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

පායා පහන් වූ රන් තාරකාවෝ
අදුරේ දමා මා නොපෙනී ගියා
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන්තාරකා

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

T.M. Jayarathne


අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා

අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා //

ලොව මල් පිබිදෙන්නේ යලි පරවෙන්නට නම්
අප හද එක්වන්නෙත් වෙන්නවන්ට නම්
යලි වෙන්වන්නට නම්

අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා

පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
හමුවූවත් යලි සැනකෙන් වෙන්වීයයි නම්
අප යලි තනිවේ නම්

අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා

T.M. Jayarathne

බා ගන්න


Sunday, July 24, 2011

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා
හරි ලස්සන කෙල්ලෙ උන්නා ‍‍‍..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා//

දවසක් දෙන්න ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ
ආසයි කියන්නත් ආසයි ඒ තරුනි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ අර සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයිය සිතුවා සේ මාටින් අයියත් සිතුවේ

වැදුනා දෙන්නටම විසාල සැකයක් හිත ඇතුලට වැදුනා
සිතුනා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුනා
සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතුවයි
මාටින් මේක ගැන දන්‍නෑ එයත් එන්නෙ තනිවයි

සයිමන් අයියයි මාටින් අයියයි හොද.... /

තරගේ දෙන්නගෙ අ‍තරේ දවසින් දවසට මෝරයි
ඇදුමෙන් පැලදුමෙන් වගේ සැන්ට් පවුඩර් සුවද හමයි
දවසක් දෙන්න මුන ගැසුනේ මේ තරුනිගෙ නිවස ලගයි
තරුනී දොරකොඩ සිටියේ තම සැමියා සමගයි

තරුනන් දෙන්න අර යන්නේ සැමියනි හරි කරුනාවන්තයි
මෙතනින් යනකොට කොයිවෙලාවටත් යන්නේ හිනාවෙලයි
ඈ නම් විවිහාක ලදකී තරුණියක් වගේ පෙනුනේ
එනමුත් බොහොම ගණවන්තයි කා සමගත් සිනාසුනේ

එතැනින් දෙන්නටම දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා තාමත් හොද මිතුරො තමයි


සයිමන් අයියයි මාටින් අයියයි හොද.... /

බාගන්න



ලංකාවෙ ඉදලයි මම ආවෙ සීතල රටට අනේ

ලංකාවෙ ඉදලයි මම ආවෙ සීතල රටට අනේ
ආවට පස්සෙයි තේරුනේ අනෙ මගේ රටේ අ‍ගේ
ඒ උනාට මට තිබුනෙත් හොදටම රටයන උනුසුම නේ
නිතරම හිතුවේ ඇමරිකාව සහ එංගලන්තෙ ගැනනේ

මගේ රටේ නම් කන්නේ බොන්නේ ඔක්කොම හොරෙන් අනේ
මෙහෙත් එහෙම දේවල් හරියට අනෙ හරිම සූපිං නේ
යන යන හැම තැන කන්නයි බොන්නයි බීලම හෙඩෙක් අනේ
ආපහු යනකොට කොහොම ඉදීද කියල දන්නෑ අනේ

ලංකාවෙ ඉදලයි මම......

මගේ රටේ අය මෙහේ අවම මොනවද වෙනව අනේ
ඒවා දැකලා මටත් අනේ දැන් මොකද්ද වෙලා වගේ
ඉයස් ඉයස් යු නෝ කියලා බැන්නලු කට මගෙ උලුක් අනේ
අලුත්ම වචනේ ඉගෙනෙගත්තෙ මම ඊයස් කියලානේ

ලංකාවෙ ඉදලයි ම.....

අනේ අපොයි මං කවදා යන්නද මගේ රටට ආයේ
ගෙදරයි ඉඩමයි ඔක්කොම තියලයි මම මෙහෙට ආවෙ
ඇඩෙනව ඇඩෙනව ඇඩිලා ඉවරයි කදුලුත් නෑ අනේ
ආපහු යන්නේ ලංකාවට මම ක්වීන්ව අරන් අනේ

ලංකාවෙ ඉදලයි මම......

Wednesday, June 8, 2011

මගෙ හිතෙ දුකක් කියා දෙයක් නෑ

මගෙ හිතෙ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

ආදරේ ඕනෙදෝ කාට හෝ
වේදනා ලබන්න ආසාදෝ
පාලුවෙන් මිදෙන්න ඕනේ කාටදෝ
දෙන්නෙමි සහන් බිඳක් කියන්නකෝ

මගෙ හිතෙ දුකක් කියා දෙයක් නෑ ..

නොදන්නෙමි අතීතයේදි ආදරේ
දැන් දනී පුදන්නෙ කොයි ලෙසේ
පෙම්වතා වෙමී ඔබේ අදත් මෙමා
නමුත් ඔබේ නොවේ හෙටින් පසු මා......

Rukantha Gunathilaka

Wednesday, June 1, 2011

කාගෙද ගොං වස්සා

මගෙ කුඹුරේ ඉනි වැට බිදිලා
ලපටි ගොයම් පැල කාදමලා
රැක සිටියෙමි වෙහෙසක් නොබලා
අල්ලාගෙන ආවෙමි බැදලා

කාගෙද ගොං වස්සා
මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා
පවරා දෙමි වස්සා

කාගෙද මේ හොර වසු පැටියා
සොයා කෙනෙක් එන තුරු සිටියා
අය කරගෙන දෙමි හොර කොටියා

කාගෙද ගොං වස්සා //

සවස් වෙලා අපෙ ගේ පැත්තේ
කව්ද බොලේ එනවා දැක්කේ
වැටේ කඩුල්ලේ අර පැත්තේ
හදුනන මුහුනකි මම දැක්කේ//

මොකද ලදේ මේ අරුමැක්කේ
කලකින් ඔබෙ ලස්සන දැක්කේ
අප ගැන ඇයි සැලකුම් නැත්තේ
මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ

කාගෙද ගොං වස්සා //

සිරිමල් අයියට පැණි වරකා
ගෙන ආවෙමි ගෙදරින් පොරකා
සිරිමල් අයියේ මට සලකා
දෙනවද මට මගෙ කලුහරකා

දුන්නට පැණි වරකා
දෙන්නම් කලුහරකා
මා ගැන තව සලකා
දෙනවද බහ මැණිකා

මට දෙනවද බහ මැණිකා ///

Annesley Malawana



හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි

හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා

හිත ඉගිලෙනවා කාෂ්මීරයේ
සුදු හිම කදු අතරේ
මා තනි වෙනවා
පා යුග දවනා නිරුදක වැලි කතරේ

හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි//

මා සැනහෙනවා මා ප්‍රිය ලදකේ
බැදි සැනසුම් සිසිලේ
සිත හිනහෙනවා
මා මගතොටදී දුටු ලද මුවමඩලේ

Rohana Baddage




අමර පෙම් ලතාවේ

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ//
අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දි‍රේ.
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ//
කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ

ඔබෙ දෙපා ළග මගේ තුරුණු හද පිදේ
හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළී ගමී ඔබගෙ ජීවිතේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ//

ඔබ දන්නවනම් එක කඳූළු බිඳක්

ඔබ දන්නවනම් එක කඳූළු බිඳක්
සිත යටට වෙලා දුක්විඳීන තරම්
ඒ කඳූල වුණත් නෙතු අගට ඇවිත්
යළි ඔබේ පයට පෑගෙනවා නම් //

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳීන තරම්
ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙළා රිදවනවා නම්

ඔබ දන්නවනම් ....

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව්වරුනි උතුම්
මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්

ඔබ දන්නවනම් ....

Monday, May 30, 2011

ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම්

ඇගෙ සිනහව තහනම් - ගෙදරින් මට තහනම්
සැල වෙයි ගෙදරට ඇය හමුඋනොතින්
චරපුරුශයෝ ඇවිත් මා වටලා
යන එන හැම තැන් මුරදාලා

යාබද නිවසේ ඇය ඉන්නේ
ඉනමුදු ගව්වක දුරු වැන්නේ//
යාබද නිවසේ ඇය ඉන්නේ

ඇගෙ සිනහව තහනම් -ගෙදරින් මට තහනම් /

පෙලපත කුල ගොත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා//
පෙලපත කුලගොත වෙනස් වෙලා

ඇගෙ සිනහව තහනම් -ගෙදරින් මට තහනම්‍‍/

සුදු මුදු වැල්ලේ සුළග හමන්නේ ආදරෙන්

සුදු මුදු වැල්ලේ සුළග හමන්නේ ආදරෙන්
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරෙන්
දිලි දිලී අහසේ
නිවි නිවී රහසේ
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ

මල්සුවද සොයා බඹරා එනවා
ආදරය සොයා ඔබ ලග වෙනවා

සමනල් රෑනේ පියඹා යනවා

සෙනෙහේ සුවදේ සැමදා

ලොව සැනසීමයි -ලොව නැලවීමයි
ලොව ගැලවීමයි- ආදරය තමයි

ඔබ හා එනවා -ඔබ හා යනවා
දිවිතිබෙන තුරා- සිත සැනසෙනවා

සෙනෙහේ සැරදේ සැමදා

Rukantha & Chandraleka

http://www.4shared.com/get/hMMaeU9E/SUDU_MUDU_WELLE.html

Thursday, May 5, 2011

කුරුල්ලන්ට ගී හදන්න ..ගහට කොලට පාට එන්න

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොලට පාට එන්න
වීසි කලේමි
හදේ තිබුනු ආදරයයි කරුනාවයි
කාටවත් නොදී

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත් හදේ දරා සිටි හන්දා

කුරුලු ගීත මට ඇහුනා
ගහේ කොලේ මල් පිපුනා
ලදකට පිදුවාට වඩා සතුටක් මට ඉන් ලැබුනා

Thursday, April 28, 2011

එක යායේ කකා වැටී

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පව්ලේ උපන්ලෙසේ
කල ආරක්සා
නාස් ලණුව දමනවාලු
කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුබ වේවිලු කඹරගොයා
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
දත ගලවා අතේ තියා
නුබ නටවයි ඒ ලමයා
පනවාලා දරුණු දණ්ඩ බන්දන නීතී

වලට වැටුනු එකා යකා
ව‍ලටම ඇදගනු නිසකා
වලෙන් උඩට එන්නට
අත දෙන්නට කැමතී
නෑදෑහිතෙක්වතෙක් නැතී
ඒගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි

Sunil Edirisinghe

කලේ පැන් ඇත නැවුම් රහ නැත

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිදට වූයේ
පුලුස්සාගත් රොටිය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහකොට සුලග ඇතඑද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඩ නැත
සවන් බිහිරිව ගියාදෝ

පුරුදු නිවහන ‍නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්

Sunil Edirisinghe

Saturday, April 16, 2011

ජලේ ගැබුර ඔරුව දන්නෙ නෑ

ජලේ ගැබුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවද ජලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුබට බොරු කියන්නෙ නෑ

ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම කියායන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි

නැන්ද මාම මට බනීවිදෝ
දූව දෙන්න බෑ කියාවිදෝ
මැවූ සිහින සුන්ව යාවිදෝ
නුබවත් මට බහක් දේවිදෝ

Jagath Wickramasinghe

බා ගන්න
http://ananmanan.org​/sinhala_mp3/Jagath_​Wickramasinghe_Jale_​Gambura.mp3


Wednesday, March 16, 2011

එව්රි සන්ඩෙ හවසට

එව්රි සන්ඩෙ හවසට
ටවුමෙ ලංසි ගෙදර
කොල්ලො කෙල්ලො එනව පාලු කපන්න
එයාල ගිටාර් ගහනව ලස්සන බයිල කියනව
පාටි දමනව රෑ දෙගොඩ හරියට

සාලෙ මැද්දෙ නටන්න
අපිත් යමුකො එතනට
එහෙ බජව් එකට සපෝට් කරන්න
බෝතල් ජයට තියනවා
ආතල් වෙන්න හිතෙනවා
බයිල නටනව ඒ ගෙදර එලිපිට

ඩොක්ය ඩොලී ලස්සන නැන්සී
නටව දැන් තරගෙට ගැස්සී
ඇගේ මමී කෙට්ටු ඩෙසී රතුඋස පොලිසී
එයා බයිල නටන්නට හරි පිස්සී

ලුන්ඩි ඇදපු කලු කොට ප්‍රීසී
පියර බබා වගේ හරි මැක්සී
ඇගේ හබී සීමන් කිය බේබදු මැක්සී
එයා ගෙදර යන්න හොයනව ටැක්සී

සිරියාවි නුබව මම කෝච්චියෙන්



සිරියාවි නුබව මම කෝච්චියෙන් කොලඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
උබ එව්ව ලිවුම මගෙ පෙට්ටගමේ තවම හිනාවෙනවා
අර කොට්ට උරේ මම ඉබ ඉබ තාමත් සුවසේ නිදියනවා

හෝ ගාන පොකුණ ගාවට මම උබෙ අත අල්ලාගෙන යනාවා
සුදු වැල්ල සිබින කිරි පෙනපිඩු ඇවිදින් ඔන්න හාදු දෙනවා
රජ ගෙදර ලගට නුබ එක්ක ගිහින් හැමදේම කියා දෙනවා
අපි ට්‍රෑම් කාර්වල නැගලා සතොසින් කොලඹ වටේ යනවා

එහෙ ගෝල්ෆේස් එකෙ උබ දන්නේ නෑ අස්සපැටව් යනවා
ඒව දැකල මගෙ සිරියාවියෙ උබ තවත් තුරුලු වෙනවා
සුදුමහත්තැන්ල හිට උබෙ රුව දැකලා හොරෙන් හිනාවෙනවා
මේ අප්පුව ඒවා දැක දැක සතුටින් ආඩම්බර වෙනවා

සිරියාවි නුබව මම කෝච්චියෙන් කොලඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
උබ නාඩ ඉදින් මගෙ රත්තරනේ මම එන පෝයට එනවා
මේ කුප්පි ලාම්පුවෙ තෙල්ටික ඉවරයි දැන් මම නවතිනවා

Rodney Warnakula
http://www.youtube.com/watch?v=29e_cEK7iok

Tuesday, March 15, 2011

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙප ලග දණ ගහලා
දැඩිකල මවුට වදිනවා //

දුකට සැපට පිහිට අපට දෙනව මෑනියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මොඩයෝ
දසමස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑනියෝ

දෑතදෙපය නොකඩා දැඩිකරපු අම්මට
දෝතනගා වදිනව මම මගේ අම්මට
ලෙඩදුක දෙක බැලුවා දිව රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑනියෝ

මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා ලෙඩ නොකියා
සිහිවේ මං මරන මංචකේ

ප්රේම කරන කරන කෙල්ලට නම් හොදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මොඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ//

කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට
පසුනොව බොරු මිතුරා ඇස්දෙක යයි පුපුරා
දස්කම්ඇයි නුබේ අම්මට

මරුව ඇවිත් දගලන කල පණ ගෙනයන්න
බේරගන්න බැරි තැන අඩගසයි අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඩගහනව
පුතාගෙ සැප එවෙලෙට ඉවරයි

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා/

Maxwell Mendis

මං බදින්නෙ නෑ

මං බදින්නෙ නෑ ,දුක් විදින්න බෑ
වද කෙරුවත් ,හෙට මැරුනත් ,මං බදින්නෙ නෑ
සත්තයි
මැරෙමි මම නොකා ,ඔය කෙල්ලො නං එපා
සිටන් බාලෙ ,රැක්ක සීලෙ අත්හරින්නෙ නෑ

දැන් කාලේ කෙල්ලන් හට කෙරුවට ආලේ
විස්වාසය බැහැ තබන්න කොහෙත්ම රාලේ
නුබ මගෙ පණ මැරෙනව මම ඔබ නැති කාලේ
ඔහොම කියන අය හපන්නෙ තමන්ම....

මුලින් හොදට පණ දෙන්නයි කතා කරන්නේ
යටින් තවත් කෙනෙක් ගැනයි හිතේ තියෙන්නේ
මම උබටයි නුබ මෙමටයි මුලදි කියන්නේ
බොරු නරකයි රවටන්නට ඇයිද ලැබෙන්නෙ

මං බදින්නෙ නෑ දුක් විදින්න බෑ//

මෙලොව සැපත ඔබ නැති නමි කුමට රත්තරං
පොරොන්දු වෙමි ඔබ තනිකර නොයන්නට ඉතිං
ඔබ මැරුනොත් මමත් මැරෙමි කියයිදො සිතින්
මේව අසා කෙල්ලො කොල්ලො වෙනව අතරමං

බැදපු අලුත බොහොම හොදට කතා කරනවා
කල් යනකොට ඇත් හොද නොහොදට පෙරලෙනවා
නැති දේවල් ඇති කරමින් සැක උපදනවා
අන්තිමේදි උසාවි වල පෙනී සිටිනවා

මං බදින්නෙ නෑ දුක් විදින්න බෑ//


Maxwell Mendis

අද හෙට ඔබ මා මගහැර යන බව

අද හෙට ඔබ මා මගහැර යන බව
දැනගන්නට ලැබුනා රහසින් මට ඇසුනා

ඔබ රවටා නැත
ඔබ හඩවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසක තතු නොහැගෙයි

අද හෙට ඔබ මා මගහැර යන බව/

යොමුවී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමනකි ලග
දැන් ඔබ මා රිදවා යලි වෙනතක බැදිලා

අද හෙට ඔබ මා මගහැර යන බව/

Milton Mallawarachchi

Monday, March 14, 2011

අදුර බිදින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා

අදුර බිදින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

මතකය නම් වූ මලපොත පෙරලා
මලගිය ඊයේ සිහිපත් කල මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දැතෙහි දසගිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත .. හිස් බවකිය ඇත්තේ

අදුර බිදින්නට රැයක් දවාලු

සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යවුවන විය පියවර තබනා සද
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යලි පැමිණී ඇත
කරුමෙකි පැවසෙන්නේ
එපමනයි.. පිලිසරණය වන්නේ

http://ananmanan.org/sinhala_mp3/Victor_Rathnayaka_Adura_Bidinnata.mp3

තනිවී සිටින්නයි මා අදහස්කලේ

තනිවී සිටින්නයි මා ,අදහස්කලේ
ඔබමයි සොයා ඇවිදින් ,එය වෙනස්කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ

මගෙ පාලු ලෝකයේ ,තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ ,නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ,ගත හැක නමා
මට දුක සිතෙන්නේ ,ඔබ ගැන තමා

තනිවී සිටින්නයි මා අදහස්කලේ/

ඔබ චේතනා ‍‍..ර්ථනා ,මා සිතදනී
අවට ලෝකයේ බැලුම් ,විසකටු ඇනී
ඒ කටු අපේ දෙහදේ ,ගැබුරේ ඇනී
ගලන දුක් වේදනා ,රුධිරය වැනී

තනිවී සිටින්නයි මා අදහස්කලේ/

Monday, January 10, 2011

රෑ පැල් රැකලා

රෑ පැල් රැකලා පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නලවා
එන මදපවන සුබයි

බොල් පිනිමත ලා හිරු රැස් විටිලා
මැනික් ලෙසින් දිලිසේ
මට බහදුන් දා විලියෙන් ඇඹරුන
මැනිකගෙ නෙත් විලසේ

මෙදා සැරේ කුරහන් කිරිවැටිලා
සුලගේ ලෙලදෙනවා
කුඹුකෙන් නාගෙන වරකන්දා යන
මැනිකෙව සිහිවෙන්නේ

ගොවිතැන් සාරයි ඒකෙන් නෑ නොවැ
අතමිට අඩුපාඩු
පලදන්නම් ගෙල මාල සවන් යුග
ලෙලවමි රන් තෝඩු

ගේ පොඩියෙත් වැඩපල අවසන්
එලියක් එයි නෑ නේ
මේ කන්නයෙ බිම අස්වනු කැපුවම
මැනිකෙත් එනවාලූ

(රෑ පැල් රැකලා පැ‍‍‍...)

C.T.Fernando

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුලුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උනුසුම ලබනට
යන්නට ඕනෑ කඩමන්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහලු වියේ //

පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී
සිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි

මීවිතකින් ගත උනුසුම් වූවද
සිත උනුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටුයට යනවා
මා ආපසු යනවා

කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහලු වියේ

W.D.Amaradhewa

Sunday, January 9, 2011

කොමල පපා මුකුලු පපා

ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි ////

කොමල පපා මුකුලු පපා අපේ ලගට එන්නකො
ඔමරි ලතා බොලද කතා අපට කියා දෙන්නකො

ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි ////

ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩයිවර් කෝ කාරෙකේ
අනේ අපොයි ඇගේ හැපෙයි පාරෙ උන්ට මාරකේ //
හෙමින් වරෙල්ලේ හෙමින් වරෙල්ලේ //
බලාගෙනයි මා (පාරේ හෙමින් වරෙල්ලා )

තරහ ගන්න එපා ඔන්න නිකන් කොලොප්පං කලේ
කොළඹ රටේ හතර වටේ රවුමක් ගහමුද ප්‍රියේ
මල් කුමාරියේ මල්කුමාරියේ
මල්කුමාරියේ (යන්නට අපි සවාරියේ)

බයිල පොලේ තොයිලෙ බොලේ ඉවර වෙන්න ලගවගේ
අපිව දමා පැනල ගියා පැට්රොල් ටික ටැංකියේ
චෙරියෝ චෙරියෝ බැරියෝ බැරියෝ
බැරියෝ බැරියො (තවත් බයිලා බැරියෝ)

Anton Jones

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.4shared.com/audio/eHMEb-JF/Anton_Jones_-_Lai_Lai_Lai.html?cau2=403tNull

මම බොහොම බය උනා

මම බොහොම බය උනා / මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මාව අහු උනා

මම උත්සවයකට /ගියා සින්දු කියන්න
මට ආපසු යන්ට /ලැබුනා ජාමෙ දොලහට
මම බැහැල පාරට /හැරුනා කනත්ත දෙසට
මගෙ ගිටරෙක අත‍ට /අරගෙන යන්න යනකොට

ශබ්දයක් ඇසිල මං /ආපසු බලන එකලට
කලු බල්ලෙක් ඇගට / පැන්නනෙ බුරාගෙන මට
මම හැරිල පස්සට /ආපසු දුවන එකලට
කලු මිනිහෙක් උසට /හිටියනෙ පාරෙ හරහට

(මම බොහොම බය උනා..මගෙ පණ...)

අන්න කෙනෙක් දුර සිට/ එනවා පෙනුන මෙමාට
මම දිව්ව එතනට /මේ විස්තරය කියන්න
මම ලගට ගිය විට /ඈ සුර කුමරිය ලෙසට
කිව්ව මෙමාට /බය නොවනු එයාට

ඔයා ගිටර් ගහන්න/ ලක්ෂන සින්දු කියන්න
මට ආසයි නටන්ට /කියල කිව්ව මෙමාට
මම ගිටර් ගහනව /ලක්ශන සින්දු කියනවා
තාලෙට එයත් නටනවා /මට දුකත් හිතෙනවා

මම කිව්ව එයාට /හොද නැහැ පාරෙ නටන්ට
අපි යමුකො එහාට /ගිය මිනි කනත්තට
මම ගිටර් ගහනවා /ලක්ෂන බයිල කියනවා
මට මෙහෙම පේනවා /මලමිනි නැගිට රගනවා

(මම බොහොම බය උනා..මගෙ පණ...)

සුදෝ එපා නටන්න /අපි යමුකො ගෙදරට
අපෙ අම්ම ඔයාට /ආදරෙ වේවි හරියට
මම මෙහෙම කිව්වම /එය පැන්න අහසට
හූ කියාගෙන /නැවතත් පැන්න පොලවට

එය රවනව මෙමට /මම ගැහෙනව බයට
ඇ‍‍ගෙ දත් දෙකක් දිගයි /ඇස්දෙක ගිනිගොඩක් වගෙයි
මම පැන්න අහකට /ගිටරෙක ගත්ත දෑතට
දුන්න ඔලු‍වට /ගිටරෙකෙ කෑලි හැලෙන්න

මේ ශබ්දය ඇසිලා /මුරකරුවො නැගිටලා
මට වතුරපොවාලා /බැස්සුව ගෙදර ගෙනෙහිල්ලා
මේ විස්තරෙ අහල /අපේ අම්ම බය වෙලා
මට බලියක් ඇරලා /ගත්ත මාව බේරලා

(මම බොහොම බය උනා..මගෙ පණ...)

Anton Jones

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.mediafire.com/?dod2ltyjt3w


Saturday, January 8, 2011

රේස් පත්තරේ

රේස් පත්තරේ අස්පයො විස්තරේ
පාන්දරම අනේ අපෝයි ගේනවා
සූදු සාස්තරේ දිනන්න සස්තරේ
ජොකිය නොවෙයි බුකී මෑන් දන්නවා

රිකී ටාවි ‍පේල් පෙස්ට පල් වෙලා
perfect ටයිමින් හොම්බෙන් පැරදිලා
බූට් පොලිස් ජොකියව බිම පෙරලලා
අප්සෙට් බඩුවක් කප් එක උස්සලා

(රේස් පත්තරේ අස්ප...)

ටාන්ස්ගේ ඩබලට මගෙ හිත ගියා
පිස්සුද බන් අතගහන්නෙ එඩරියා
පටිකැඩුනත් කවිතං වැඩ කාරයා
රොබින්සන්ලු බීකුක්ගේ මාරයා

(රේස් පත්තරේ අස්ප...)

ඔෆිස් එකේ ලොකු ලොක්කන් බලනවා
ෆැක්ටරියේ කම්කරුවන් බලනවා
හරියට ටිප් එක ලැබුනොත් දිනනවා
දිනපුදාට උඩපැනලා නටනවා

(රේස් පත්තරේ අස්ප...)

Desmond de Silva

ලින්ක් එක සදහා ඉවසන්න

හාරලක්ශෙ

දක්ෂ විලසින් සැලසුම් කරගෙන කළදේ නමුත් වැරදුන
සතුටින් සිටියාද ඒ අය
ලක්ෂ හතරක් හොරකම් කරගෙන ජීවිතක් නැති කරගෙන
සතුටින් සිටියාද ඒ අය

දක්ෂ කමට සැම එද කෙරුවෙ මෝඩ කම
ලක්ෂ හතරෙ හොරකම ගැන කියනවාට මම
කෑ මොරගහගෙන සිරිලකේ පැතිරුන
මේ හොරකම ගැන කව්රුත් දනී අද දින
ඉන්ස්පික්ටර් වෙස් ගෙන
යුනිෆෝම් එකක් ඇදගෙන
කෝස් එකට ඒ දින ගියාලු රථය පැදගෙන

(දක්ෂ විලසින් සැලසු..)

රථය පැදෙව්වේ කුරුදුවත්ත දිසාවේ
පාලු පාරක් සෙව්වේ මහතගෙ කරුමෙට ආවෙ
පුත්තලම දිසාවේ අලි කොටි වසන කැලෑවේ
ජෝන් සිල්ව ගෙනාවේ ගහකට තියාල වෙලුවේ
ජෝන් සිල්ව කැ‍‍ලෑවේ තනිවෙල මොනවද කිව්වෙ
මේකටද යාලුවෙ උබල මාව ගෙනාවේ

(දක්ෂ විලසින් සැලසුම්.....)

දරුවො ඇති පියා අහින්සක ජෝන් අයියා
දෙවියන්ට කියා කියා කැ‍ලෑවෙ පණ ගියා
ජෝන් සිල්වට කළදේ ගිනි ඇවිලෙයි හර්දේ
‍ඒ කල අපරාදේ පරලෝකෙදි පලදේ
ජෝන් සිල්ව මරාලා පවුලක් වනසාලා
මිනිමරුට සැමකලා ඉන්නට හැකිද බේරිලා

(දක්ෂ විලසින් සැලසුම්.....)

Anton Jones

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.4shared.com/audio/3Vb_WeCl/Haralakshe_-_Anton_Jones.html?cau2=403tNull

නොන්ඩි සිමයියා

නොන්ඩි සිමයියා එයාගෙ පුතා බබයියා
මේ දෙන්න ගමේ පල් හොරු
අයිය බබයියා සීය ජේමිස් අයිය
කියන්නෙ ගල්පැලෙන මහ බොරු

හොර කුරුම්බ බොනවා /එලෝලු කොටු වනසනවා
කැලයේ ගල් ලෙනක වෙසෙන්නේ
හොරෙන් හරක් මරනවා / රෑට ගෙවල් බිදිනවා
හොරකම නෑ නින්ද නොයන්නේ

ගොයියෝ.. අහන්නකො අයියෝ
සිමයිය කරන හොර වැඩ
බබයියෝ.. නොන්ඩී සිමයියෝ
රෑ කාලේ යයි දෙන්නම ගෙවල් කඩ කඩ

මගෙ ගොං වස්සා / මම හංවඩු ගස්සා
අපේ වත්තෙ කොස්ගහෙ බැන්දා
මගෙ ගොං වස්සා / කව්ද ගෙන ගොස් උස්සා
සෙව්වෙ නෑ කලුවර හින්දා

මම උදෙන් නැගිටලා / යනකොට කැලේ බල බලා
දැක්ක මගේ වස්ස මැරිල්ල
පස්ස ගාතය කපලා /කොස්සක් අඩයට තියලා
හොර සිමයිය පැනල ගිහිල්ලා

(ගොයියෝ අහන්නකො අ...)

තවක් දවසක / සිමා ගියා හෙමිහිට
පොල් කඩන්න උඩහ වත්තට
ඔහුගෙ කරුමෙට ඹබරෙක් ඇන්න ඔලුවට
සිමා දුවල වැටුනෙ පාලු වලකට

ඊයෙ වලල / තිබුන මිනිය නැගිටලා
යනවලු පෙට්ටියත් කරතියා
රාලහාමි ඇවිල්ලා ඒ දෙන්න අල්ලා
බැලුවම හොර සිමා බබයියා

(ගොයියෝ අහන්නකො අ...)

Claude de Zoyza

ගා ගන්න වෙනව ... ලින්ක් එක එනකම් ඉවසන්න

Thursday, January 6, 2011

චියර්ස් කරල පටන් ගන්නවා

චියර්ස් කරල පටන් ගන්නවා
yes මචන් බොමුකො කියනවා
විස්ක් බැරැන්ඩි ඕල්ඩ් ඇරැක්
‍සැන්ඩි වලට සෝඩ ....
වැඩි උනොතින් තාර පෝදුදා
තාරාරේ තාරාරේ තාර පෝදුදා
තාරාරේ තාර පෝදු තා‍රාරේ තාර පෝදු
තාරාරේ තාර පෝදු දා

කපල් වෙවී ඩාන්ස් කරනවා
කකුල් මාරු වෙලා වැ‍ටෙනවා
ලෙවල් නැතුව වැඩේ කචල්
එහෙම උනොත් තාර පොදුදා
තාරාරේ තාරාරේ තාර පෝදුදා //
තාරාරේ තාර පෝදු තා‍රාරේ තාර පෝදු
තාරාරේ තාර පෝදු දා

ලයින් පාරෙ කර්ල් දානවා
වයින් වෙලා යන්ට හිතෙනවා
ඩැඩී මමී කවර් වැඩී
අඩිපුඩියට වගේ රෙඩී
නොකර සද්ද තාර පෝදුදා
තාරාරේ තාරාරේ තාර පෝදුදා //
තාරාරේ තාර පෝදු තා‍රාරේ තාර පෝදු
තාරාරේ තාර පෝදු දා

Desmond de Silva

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.box.net/shared/r5fegq8c6k

මංගලිකා මනාලිකා

මංගලිකා මනාලිකා ,ඔබ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
යන්න එපා කෝප වෙලා ,ඉන්න වේවි සෝක වෙලා
ආදර වන්තියේ මගේ

කොහෝ ගියත් මුදල් හොයන් ගෙදර එනව නම්
මම එනකොට එන්නෙත් ලොකුවට මල්ලක් පුරවන්
බත් වියලා කොස් වියල කන්න දුන්නෙ මං
මෙන්න බොලේ මේ යෝදිට මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා
ගියොත් ආයේ එන්න එපා

(මංගලිකා මනාලිකා ඔබ නො......)

රන් මිණි මුතු දෙකන් තෝඩු ගෙනල්ල දෙන්නං
රන් පට සළු සාරි ඔසරි තෑගි කරන්නං
යන්න කැමති සෑම තැනම එක්ක ගියේ මං
මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා
ගියොත් ආයේ එන්න එපා

(මංගලිකා මනාලිකා ඔබ නො‍‍..... )

Walter Fernando

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.mediafire.com/?xizunxjmjf0

Monday, January 3, 2011

ඔබ දේදුන්න ආකාසයේ

ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා
(ඔබ දේදුන්න ආකාසයේ...)

සුළ‍ඟේ නලවා /පෙරසේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී කලා//

(ඔබ දේදුන්න ආකාසයේ...)

ඔබ මල් විළකී /මා එහී මලකී
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා//

(ඔබ දේදුන්න ආකාසයේ...)

Mervin Perera

දිව්‍ය අංගනාවන්ට අපට වාගෙ තරහ යන්නෙ නෑ

දිව්‍ය අංගනාවන්ට අපට වාගෙ තරහ යන්නෙ නෑ
කවදාවත් ඒක හින්ද ඒ උදවිය වයස යන්නෙ නෑ
දත් වැටුනම දත් බදින්න
රැලි ගැහුනම රැලි අරින්න
කෙස් පැහුනම කලුකරන්න
ඒව ‍මුකුත් ඕනෙ වෙන්නෙ නෑ

කණනාඩිය ලගට යන්නෙ නෑ
මූන බලල දුක හිතන්නෙ නෑ //
හද වාගේ අපට තියන මූන පුරා පිරී තිබෙන
(ලොකු වලවල් ගොඩ කරන්න) පියරු ක්රීම් ඕනෙ වෙන්නෙ නෑ //

(දිව්‍ය අංගනාවන්ට අ...)

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.mediafire.com/?yzywyuvdnnt

කන්දේ හැප්පුන මහ වනන්තරේ

කන්දේ හැප්පුන මහ වනන්තරේ
ඊ ජී අට අහස් යන්තරේ
මාරුවා කල ,මිතුරෙ බේරෙන්න බෑ සසරෙ
කගෙද මට වරද නොතේරේ

මම පත්තරෙ බලල /උපුට ගත්තේ සොයල
කියනෙමි විස්තර කරල
හොද හැටි ගලපාලා / එහි ඇති දුක්බර කිරල
ගයන්නෙ මම අසන්න උබලා

හැත්තැහතරෙ වර්ශෙ /දෙසැම්බර් සිව්වෙනි දවසේ
උනු දෙය අසන්න අහසේ
අඩාල බොහො සේ / වැලපුනාලු දුකසේ
අසාල අහස්යානෙ විනාසෙ

සිරිලක් අහසේ /මස්කෙලිය ප්රදේශේ
රෑ දහයට බදාද දවසේ
හෙන පාරක් සේ /පුපුර දෙදෙරුව අහසේ
කිසිවෙක් නොදනෙති රහසේ

(කන්දේ හැප්පුන ම..... )

එකසිය අනූඑක් දෙනෙක් /ගෙන ආ අහස්යානයක්
තත්පරේට උනා අලුගොඩක්
වන්දනා පිරිසක් /අතර ගැහැනු පනස්නම දෙනෙක්
මරු අරගත්‍තනෙ බිල්ලක්

එදා බදාදා දිනේ /අහස් යාන ගුවනේ
මක්කම බලා පිටත් උනේ
කිසි කෙනෙක් නොදන්නේ / අන්තිම ගමනය යන්නේ
පූරුවෙ කල කරුමයක් අනේ

ගුවන් ‍තොටුපලේ ඉදන් / සැතැප්ම ගානකට දුරින්
වැටුන අහස් යානය දැවෙමින්
මස්කෙලියට නුදුරින් / ගිණිජාල පුපුරමින්
පොලවට වැටුනෙ මලකදන්

(කන්දේ හැප්පුන ම..... )

දවස් ගනනක් තිස්සේ / මළකදන් කැලෑව අස්සේ
සෙව්ව නේද අපේ කට්ටිය
කලකට පස්සේ /ලැබුන බ්ලැක් බොක්ස් එක අයිසේ
‍යානාවෙ කලු පෙටිටිය

කලු පෙට්ටිය ලැබුනා / ටේප් පටි කෑලිත් තිබුනා
නමුත් මේක මට අභිරහසක්
වරද හෙලි උනා /මොකක්ද කියල වැටහුනා
යාන්ත්රී කරන දෝශයක්

(කන්දේ හැප්පුන ම..... )

Anton Jones

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.4shared.com/audio/n7Updmaa/Kande_Hapuna_Maha_Wananthare_-.html?cau2=403tNull

මගෙ රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න

මගෙ රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න //
බලාගෙනයි කෙල්ලෙ බල්ල පනී හපන්න
මලා තමයි එහෙම උනොත් වෙන්න දුවන්න
රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න //

ගෙදර අයට නින්ද ගිහින්
පැනල වරෙන් වැටට උඩින්
ගෙදර අයට නින්ද ගිහින්
පැනල වරෙන් වැටට උඩින්
ආදරේ කරන්න වරෙන් රෝසා පනේ // මගෙ රෝසා පනේ

බල්ල බුරයි සද්දකරන්න
කෙල්ලෙ හනික පොල්ල අරන්
බල්ල බුරයි සද්දකරන්න
කෙල්ලෙ හනික පොල්ල අරන්
ආදරේ කරන්න වරෙන් රෝසා පනේ // මගෙ රෝසා පනේ

රෙද්දෙ හැට්ට ඇදල වරෙන්
සැන්ට් පවුඩර් ගාල වරෙන්
රෙද්දෙ හැට්ට ඇදල වරෙන්
සැන්ට් පවුඩර් ගාල වරෙන්
ආදරේ කරන්න වරෙන් රෝසා පනේ // මගෙ රෝසා පනේ

Walter Fernando

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.box.net/shared/tnq352qntf

කැන්ඩි ලමිස්සී



යු ආ සි ලෙවර් ජස්ට් සේ ෆන්
im not ලපටි බෝයි දැන්
යන්නකො මාව දාල කැන්ඩි ලමිස්සී
බැදගෙන නුවර පලාතෙන්
ඉන්නකො එහෙට වෙලා දැන්
මට මෙහෙ ඉන්නව මගෙ කොළඔ ලමිස්සී

ස්වීට් මේරි ,නිව් බාරී
කලම්බො කෙල්ල මගේ හරි හැඩකාරී
සක්විති රජා වගේ දැන් , ඉන්නව මම සන්තෝසෙන්
අනෙ මට සමාවෙන්න කැන්ඩි ලමිස්සී

your my sure නැති හස්බන්
im not a මෝඩ කෙල්ල දැන්
හිතුවද එලවගන්න කරල හදිස්සී
පැටලිල පබගාලක දැන් ,දොඩවනවද පුරසාරම්
තමුසෙගෙ කොළඔ කෙල්ල නම් හරි පිස්සී

මම ස්පෝටී ...හුරුබුහුටී ...
කවදත් කැන්ඩි කෙල්ලො උනෙ නෑ නෝටී
කුමාරිහාමී වගේ දැන්
වලව්වෙ නම්බුව රකිමින්
සිංහල කමට හැදුනෙ කැන්ඩි ලමිස්සී

i am not elvis presley නෙවේනේ මම bob marley
මොකටද කැන්ඩි මිසී පුරාණ ස්ටෝරී
නෝ ඒන්ජල් ජෝන් ඉන්ද හෙල්
ඔයා මෙහෙ හිටියොතින් trouble
දෙන්නම් නුවර යන්න බස් එකෙ කාසී

ස්වීට් මේරි , නිව් බාරී
කලම්බො කෙල්ල මගේ හරි හැඩකාරී
සක්විති රජා වගේ දැන් ,ඉන්නව මම සන්තෝසෙන්
අනෙ මට සමාවෙන්න කැන්ඩි ලමිස්සී

you are anඇටසැකිල්ල
මම තව ලස්සන කෙල්ල
තමුසෙට ගැලපෙනවද කොළඔ ලමිස්සී
"හැව් එවර් හර්ට් චිකන් ටෝක්"
නොදන්න අයට මේව ‍ෂෝක්
ඔව් අපි හැපිල බලමු කාටද වාසී

මම ස්පෝටී ... හුරුබුහුටී ...
කවදත් කැන්ඩි කෙල්ලො උනෙ නෑ නෝටී
කුමාරිහාමී වගේ දැන්
වලව්වෙ නම්බුව රකිමින්
සිංහල කමට හැදුනෙ කැන්ඩි ලමිස්සී

අනෙ මට සමාවෙන්න කැන්ඩි ලමිස්සී
සිංහල කමට හැදුනෙ කැන්ඩි ලමිස්සී
අනෙ මට සමාවෙන්න කැන්ඩි ලමිස්සී

Desmond de Silva

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.box.net/shared/69rn5lj4kl


අක්ක නගෝ අම්ම දුවයි පැටලිලා

අක්ක නගෝ අම්ම දුවයි පැටලිලා
ලූකස් මල්ලිගෙ වලිගේ පෑගිලා
'ඒ ලස්සන කතන්දරේ නොමිලේ අහගන්න දොරේ
රෙකෝඩ් බාර් එකට ලංවෙලා' //

ලූකස් බොනිෆස් දෙන්නා අබ යාලුවො පන වගේ
බොනිෆස්ගේ ලේටස් ලව්එක ඇග්නස් හරි අගේ
සපෝට් එකට ගිය ලූකස් දැකලා අක්කා ඇගේ
පිලිකන්නේ නාන ලිදට ඇදුනා රොමියෝ වගේ

(ඒ ලස්සන කතන්දරේ......//)

අනේ ඔයා හරිම ස්වීට් මොන සබන්ද ගාන්නේ
නංගිට වැඩියෙන් ඔයාව ලස්සනටයි පෙනෙන්නේ
බොනිෆස් ඇග්නස් බැන්දම අපි දෙන්නට හුලංනේ
ඊට කලිං අපි බදිමුද ඩලෝ මොකද කියන්නේ

(ඒ ලස්සන කතන්දරේ......//)

වතුර ටිකක් නාගන්නට ඉඩදීලා යනු හොදේ
මොනවද මේ දොඩවන්නේ පිදුරුදු කෑවේ උදේ
අක්ක නෙමේ මම අම්මා පොට්ටද ඇස් දෙක වදේ
කිව්ව ගමන් පැන්නාලු ගස්ලැජ්ජාවෙන් ලිදේ

(ඒ ලස්සන කතන්දරේ......//)

Desmond de Silva

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://dl.box.net/dl/328442638/acfe5df7baaef9403a08ab3554b56d53?a=8db562428436253f62bc956465c41eff&m=168566327,11211&x=1&c=2051b7c5e51772504efa4ebcbb4e416f

Sunday, January 2, 2011

මැණිකෙ මම ආයෙ ගෙදර එනවා

මැණිකෙ මම ආයෙ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා
මැණිකෙ මම ආයෙ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා

කොච්චර ආදරෙ කෙරුවත් මා ගැන 'අවිස්වාස වෙනවා
ඉවසල ඉවසල අන්තිමේදි මට 'හරි කේනති යනවා
ගහන්න බනින්න හිතට දුකයි මට 'හරි කේන්ති යනවා
මින් පසු එන්නෑ කියල ගියත් මම 'ආයෙ ගෙදර එනවා

වීලා බෙහොම දුක් වීලා 'ඈ අඩාවි කදුලු පෙරාලා
හැමදාමත් මෙහෙම සිතාලා 'කොහොම ඉන්නද මම ඉවසාලා
මම යනවා යන්න ඈ දාලා 'මගෙ ඉවසුම මට නැතිවීලා
ඈ ඇවිදින් මාව සොයාලා 'එක්කං යයි අඩාවැලපීලා

රෝස මලක් වගේ ඇගෙ මූනේ 'පින්බර පෙනුමයි මට ඕනේ
තව ලස්සන මල් හමුවන්නේ 'රෝස මලයි මගේ හිත ගන්නේ
වෙන මලක් සොයා මම යන්නෑ 'මේ මල වෙන කාටත් දෙන්නෑ
විපතක් කිසි දවසක වෙන්නෑ 'මගෙ ආදරෙ ඈ හදුනන් නෑ

M.S.Fernando

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.anangaya.com/rythem/sinhala_mp3/songs/sinhala_MP3/MS_Fernando/MS%20-%20Obata%20Thiyana%20Adare.zip

ඔබට තිබෙන ආදරෙ මම කියාල දෙන්න

ඔබට තිබෙන ආදරෙ මම කියාල දෙන්න
ගසක තියන තල් කොල මදි ලියාල දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිල එන්න

ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙ නෑ
ගිය ගමනත් මෙච්චර කල් ඉන්න හිතුවෙ නෑ
මෙහෙ ලස්සන සුරපුරයකි මට ලස්සන නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ

අහස උසට මාලිග ඇත ඉන් අඩුවක් නෑ
ගයන වයන රගන ලදුන් නොදැක හිටියෙ නෑ
ගම්බද වගෙ කරත්ත නෑ වාහන අඩු නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ

හද දවසට අහස දිහා මං බලන්නෙ නෑ
බලන්න බැරි වේදනාව ඔබ නොදන්නෙ නෑ
ඒ මූනෙයි ඔබෙ මූනෙයි වැඩි වෙනසක් නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ

මගේ ගතින් මෙහෙ හිටියට හිත නම් මෙහෙ නෑ
මම එනකොට ආපසු එය ඔබ මට දුන්‍නෑ
සිරියාවිය දැක ගන්නට එන දින දුර නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ

M.S.Fernando

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.anangaya.com/rythem/sinhala_mp3/songs/sinhala_MP3/MS_Fernando/MS%20-%20Obata%20Thiyana%20Adare.zip

පිට රට නෝන කෙනෙක්

පිට රට නෝන කෙනෙක් / සංචාරෙ ආපු කෙනෙක්
මූදු වෙරලෙදි මුන ගැහුනා
ලංකාවට කැමති කෙනෙක් / රට බලන්න ආස කෙනෙක්
ගමන යන්න මම එකතු උනා

ආතර් අයියගෙ කාර් එකට / කුලිය ගෙව්ව හයර් එකට
ගමන අපේ මුලු සතිය පුරා
රටතොට දැනගන්නට විස්තර අහගන්නට
ආතර් අයිය නියම රියදුරා

අපෙ රට ලස්සනලු හරි ලස්සනලු
මෙහෙ පදිංචි වෙන්නට , මෙහෙ ඉන්නට හිතලු
අපෙ රට ලස්සනලු හරි ලස්සනලු
මෙහෙ පදිංචි වෙන්නට , මෙහෙ ඉන්නට හිතලු

බටලීයෙදි දුන්න කජූ දැකල ප්රියවතී ලදුන්
නුවර ගියෙ කඩුගන්නාවේ
විස්තර කියන අතර / පෙන්නුව දළදා මැදුර
සුදු නොනා හරි සන්තෝසේ

දුන්හිද දිය ඇල්ලයි / තේදලු නෙලන ලදයි
කන්ද උඩ රටේ සිරියාවයි
සීතල දේශගුණෙයි / යු‍රෝපෙ වාගෙ දැනෙයි
සැමගේ ගත සිත සනසයි

සදකඩ පහණ දැකල / රුවන්වැලි සෑය බලල
රජරට අනුරාධපුරේ
මිස්සක පව්ව නැගල / දබුලු විහාරෙ වැදල
මම කියාල දුන්න විස්තරේ

සීගිරි සෙවනෙ ඉදන් / නැරබුව බිතු සිතුවම්
කාශ්‍යප රජු මතක් උනා
ත්රීකුනාමලයෙ ඉදන් / දැකලා උනුදිය ලිං
තව බලන්න කාලෙ මදි උනා

M.S.Fernando

හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක

හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක
කොල්ලො රැලක් වටකරගෙන ගැහුව බෙල් එක
කොල්ලො කෙල්ලො වටකරගෙන බබි ආච්චිව මැද තියගෙන
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක

බබි ආච්චිට පුලුටු කැවිලා මේක අසන්න
දිස්ටි වැටිලා බබි ආච්චි ලෙඩින් දෙයියනේ
බබයියා නම් හරි නාකියි‍‍‍‍ බබි ආච්චිට හැට දෙකකි
බබි ආච්චි ලෙඩින් දෙළොස් මසක් ගත වුනේ

කට්ටඩි රාළව බබයියා ගෙදර කැඳෙව්වා
බෙර ගසලා දෙහි කපලා යකුන් කැඳෙව්වා
බබි ආච්චි පරල වෙලා නැටුව ගෙදර හූ කියලා
කට්ටඩියා අර බඩදරු අම්මා නැටෙව්වා

අල්ලපු ගෙදර ජොසි නෝනත් ආවේස වෙච්චි
තොවිලෙ බලං හිටපු ගෙදර කරකොට මැංචි
උන්‍ දෙන්නත් පරල වුනා බලං හිටපු මෙමට හිනා
නටල නටල හම්බත් වී බිමට වැටෙද්දි

කට්ටඩියා මතුරයි පන්දමක් වන වනා
බබි ආච්චිගේ බඩ රිදෙනවා මර හඩ දෙන්නා
බෙර කරුවෝ බෙර ගසති යක්ස මූණ බැඳ නටතී
රෑ ජාමෙට හූ හඩකින් දරුවා උපන්නා

දරුවා දැකල වින්නඹු තැන මැරිල වැටෙද්දී
මරුවා වගේ දරුවා කුස්සියට පලච්චී
යක්ස දරුවා හිනා වෙලා ලිප් ගල් තුන උඩ නැගලා
අග්ගල ගුලි ඉල්ලුවහම මම බයවෙච්චී

කට්ට කලුයි දත් හතරයි යක්ස පැටියගේ
ඇස් රතට රතුයි හිස බොකුටුයි දිව දිගයි උගේ
යක්ස දරුගේ ආරන්චී මුළු ගමේම පැතිරෙච්චි
කොල්ලො කෙල්ලො පිරිල ගෙදර කෝලමක් වගේ

බබි ආච්චිගේ පූස් පැටියා දුම උඩ ඇත්තේ
බබියියාගේ බලු කුක්කා නිදි ලිප් බොක්කේ
යක්ස දරුවා මුං අල්ලලා දෙකට කඩල ලේ බිව්වා
බබයියා බය වෙලා දිව්වා තව නැහැ ආවේ

රාළහාමි කෙනෙක් එතන දුවගෙන ආවා
අතේ තිබුණු තුවක්කුව එල්ල කෙරෙව්වා
හෙණ වෙඩිල්ල පිපිරෙද්දී යක්ෂ ‍ඔලුව ගැලවෙද්දී
බබි ආච්චිගේ කතන්දරේ නුඹලට කිව්වා

Saturday, January 1, 2011

ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන්

පරසිදු කොලොම්පුරේ මෝදර ගංඉවුරු කොනේ
වියෝලෙ නාදෙ ඇසෙන්නේ
හරියට වැටුනු වෙලේ පෙන්න ලදුන් බයිල සැරේ
බයිල රජා ගැනයි කියනේ

ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන්
බයිල වලින් රට හොල්ලපු බයිල චැමිපියන්

මහජන සේවකයා ඔහු පොලිසියෙ ගායකයා
කිව්වම කවුද නොදන්නේ
වයලින් වාදකයා ඔහු බයිලා නායකයා
මේ බව කව්රුත් දන්නේ

ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන්
බයිල වලින් රට හොල්ලපු බයිල චැමිපියන්

නෝනා මගෙ නර්ස් නෝනා

නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ

ලිස්ස වැටිල මෙමං කලුවරේ
හැපුනා මගෙ ඔලුව කලු ගලේ
උස්ස ගොසින් මාව එවේලේ
දැම්ම මාව ඉස්පිරිතාලේ

සිහිය නැතිව මාව ගෙනාවේ
........බයිල කලාවේ
සිහිය ඇවිත් බලපු වෙලාවේ
මම ඇදයට නේද ඉලව්වේ

වේදනාව වැඩි නිසා බොලේ
මම කෑ ගැහුවා බොහොම කලබලේ
සාත්තු සේවකයෙක් එවේලේ
ඇවිත් මට බැන්න කලුවරේ

මම කෑ ගැහුවා මර හඩ දීලා
නර්ස් ආව දඩිබිඩි ගාලා
සාත්තු සේවකයා අල්ලා
තල්ලු කෙරුව මාව බේරලා

මට වෙච්ච විපත පෙනීලා
නර්ස් නෝන බොහොම දුක්වෙලා
ඇදයට උන් මාව අල්ලලා
දැම්ම ඇද උඩට උස්සලා

නර්ස් නෝන අනේ හැබෑට
ආවේ මව් කෙනෙක් විලසට
නැත්තම් මට වෙච්ච විපතට
මම නම් මැරෙනවා ඇද යට

..................
..................
නර්ස් නෝන නැතිවුන කාලේ
මොකටද මට ඉස්පිරිතාලෙ

උයල පිහල දරුවො බලා ගන්නෙ කව්රුද

උයල පිහල දරුවො බලා ගන්නෙ කව්රුද
කියල දෙන්න ගේ දොර වැඩ අයිති කාටද
නෝනවරුනි කිව්වට එප වෙන්න නිරුත්තර
පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහැනිට යුතුද
පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහැනිට යුතුද

ගැහැනුන්ට රැකියාවල් සුදුසුද නැද්ද
අසං ඉන්ට මෙමං කියමි සිතං පද බැද
පිරිමි කරන හැම වැඩක්ම ගෑනු කරයිද
එහෙම කලොත් පිරිමි අපට කුමක් වේවිද

මට දුකක් හිතුනි දැකල ලදරුවෙක් අඩනව
සූප්පුවක් කටේ ඔබල අම්ම ටයිප් ගහනව
ගයන මෙමගෙ බයිල අසනු හරිද වැරදිද
කොරොන අපගෙ රටේ ආච්චල ටයිප් බෑවද

ෂූ ලේස් එකක් ගන්න කොටුවෙ ගියා බල බලා
ශෝ කේස් ඇතුලෙ ඉන්නව පන පිටින් නෝනල
වැඩක් නැතුව උගත් තරුණො අතරමන් වෙලා
ඉඩක් කොහෙද කැශීයර් වරුත් රටේ නෝනල

මසුන් මරන්නන් මුහුදු යති මසුන් මරන්න
ගැහැනුන්ට හැකි නම් මේ වැඩෙත් දැන්මම දෙන්නම්
පිරිමි කරන වැඩ ගත්තොත් ගෑනු කරන්න
කියමි මෙදින අපිට වෙන්නෙ දරුවො බලන්න

බාර් වලට බොන්න ගියත් එහි ගැහැනු තෙරපිලා
කාර් වලට තෙල්ගහනෙත් ‍රටේ නෝනල
මස් උයල බත් බෙදල අපි තියමු මේසෙට
ගස් නැගල පොල් කඩන්න දැන් කියමු ගෑනිට

වරල පීර රෙද්ද හැට්ටෙ ඇදපු අගනිය
දැන් වරල කපා කලිසම ඇදගන්න ප්රීතිය
කලිසම් ඇදන් මග යන කල රටේ අගනිය
පරිසම් වෙන්න ගැහැනුන් වෙනවාලු පිරිමිය

ලින්ක් එක හොයනවා ... ඉවසන්න