Tuesday, July 26, 2011

කෝ මා පැතූ ඔබෙ ආදරේ

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

ආවේ එදා මා තනීවී ලොවේ හී
නැතිවී ගියා ඒ හැගුමන් මෙහී
යලි මා අනාතයි උතුරාගලායයි
සංවේදනා

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

ඈ හා අතීතේ ගැයු ගීතරාවෙ
මුසුවී ඇසේ වා සුල‍ගේ පවා
කිරිලී කැදැල්ලේ ,කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

පායා පහන් වූ රන් තාරකාවෝ
අදුරේ දමා මා නොපෙනී ගියා
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන්තාරකා

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

T.M. Jayarathne


No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා