Monday, January 10, 2011

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුලුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උනුසුම ලබනට
යන්නට ඕනෑ කඩමන්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහලු වියේ //

පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී
සිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි

මීවිතකින් ගත උනුසුම් වූවද
සිත උනුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටුයට යනවා
මා ආපසු යනවා

කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහලු වියේ

W.D.Amaradhewa

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා