Saturday, January 1, 2011

නෝනා මගෙ නර්ස් නෝනා

නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ

ලිස්ස වැටිල මෙමං කලුවරේ
හැපුනා මගෙ ඔලුව කලු ගලේ
උස්ස ගොසින් මාව එවේලේ
දැම්ම මාව ඉස්පිරිතාලේ

සිහිය නැතිව මාව ගෙනාවේ
........බයිල කලාවේ
සිහිය ඇවිත් බලපු වෙලාවේ
මම ඇදයට නේද ඉලව්වේ

වේදනාව වැඩි නිසා බොලේ
මම කෑ ගැහුවා බොහොම කලබලේ
සාත්තු සේවකයෙක් එවේලේ
ඇවිත් මට බැන්න කලුවරේ

මම කෑ ගැහුවා මර හඩ දීලා
නර්ස් ආව දඩිබිඩි ගාලා
සාත්තු සේවකයා අල්ලා
තල්ලු කෙරුව මාව බේරලා

මට වෙච්ච විපත පෙනීලා
නර්ස් නෝන බොහොම දුක්වෙලා
ඇදයට උන් මාව අල්ලලා
දැම්ම ඇද උඩට උස්සලා

නර්ස් නෝන අනේ හැබෑට
ආවේ මව් කෙනෙක් විලසට
නැත්තම් මට වෙච්ච විපතට
මම නම් මැරෙනවා ඇද යට

..................
..................
නර්ස් නෝන නැතිවුන කාලේ
මොකටද මට ඉස්පිරිතාලෙ

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා