Monday, January 3, 2011

අක්ක නගෝ අම්ම දුවයි පැටලිලා

අක්ක නගෝ අම්ම දුවයි පැටලිලා
ලූකස් මල්ලිගෙ වලිගේ පෑගිලා
'ඒ ලස්සන කතන්දරේ නොමිලේ අහගන්න දොරේ
රෙකෝඩ් බාර් එකට ලංවෙලා' //

ලූකස් බොනිෆස් දෙන්නා අබ යාලුවො පන වගේ
බොනිෆස්ගේ ලේටස් ලව්එක ඇග්නස් හරි අගේ
සපෝට් එකට ගිය ලූකස් දැකලා අක්කා ඇගේ
පිලිකන්නේ නාන ලිදට ඇදුනා රොමියෝ වගේ

(ඒ ලස්සන කතන්දරේ......//)

අනේ ඔයා හරිම ස්වීට් මොන සබන්ද ගාන්නේ
නංගිට වැඩියෙන් ඔයාව ලස්සනටයි පෙනෙන්නේ
බොනිෆස් ඇග්නස් බැන්දම අපි දෙන්නට හුලංනේ
ඊට කලිං අපි බදිමුද ඩලෝ මොකද කියන්නේ

(ඒ ලස්සන කතන්දරේ......//)

වතුර ටිකක් නාගන්නට ඉඩදීලා යනු හොදේ
මොනවද මේ දොඩවන්නේ පිදුරුදු කෑවේ උදේ
අක්ක නෙමේ මම අම්මා පොට්ටද ඇස් දෙක වදේ
කිව්ව ගමන් පැන්නාලු ගස්ලැජ්ජාවෙන් ලිදේ

(ඒ ලස්සන කතන්දරේ......//)

Desmond de Silva

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://dl.box.net/dl/328442638/acfe5df7baaef9403a08ab3554b56d53?a=8db562428436253f62bc956465c41eff&m=168566327,11211&x=1&c=2051b7c5e51772504efa4ebcbb4e416f

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා