Sunday, January 2, 2011

ඔබට තිබෙන ආදරෙ මම කියාල දෙන්න

ඔබට තිබෙන ආදරෙ මම කියාල දෙන්න
ගසක තියන තල් කොල මදි ලියාල දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිල එන්න

ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙ නෑ
ගිය ගමනත් මෙච්චර කල් ඉන්න හිතුවෙ නෑ
මෙහෙ ලස්සන සුරපුරයකි මට ලස්සන නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ

අහස උසට මාලිග ඇත ඉන් අඩුවක් නෑ
ගයන වයන රගන ලදුන් නොදැක හිටියෙ නෑ
ගම්බද වගෙ කරත්ත නෑ වාහන අඩු නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ

හද දවසට අහස දිහා මං බලන්නෙ නෑ
බලන්න බැරි වේදනාව ඔබ නොදන්නෙ නෑ
ඒ මූනෙයි ඔබෙ මූනෙයි වැඩි වෙනසක් නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ

මගේ ගතින් මෙහෙ හිටියට හිත නම් මෙහෙ නෑ
මම එනකොට ආපසු එය ඔබ මට දුන්‍නෑ
සිරියාවිය දැක ගන්නට එන දින දුර නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ

M.S.Fernando

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.anangaya.com/rythem/sinhala_mp3/songs/sinhala_MP3/MS_Fernando/MS%20-%20Obata%20Thiyana%20Adare.zip

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා