Sunday, January 9, 2011

මම බොහොම බය උනා

මම බොහොම බය උනා / මගෙ පණ එපා උනා
රෑ දොලහට හොල්මනකට මාව අහු උනා

මම උත්සවයකට /ගියා සින්දු කියන්න
මට ආපසු යන්ට /ලැබුනා ජාමෙ දොලහට
මම බැහැල පාරට /හැරුනා කනත්ත දෙසට
මගෙ ගිටරෙක අත‍ට /අරගෙන යන්න යනකොට

ශබ්දයක් ඇසිල මං /ආපසු බලන එකලට
කලු බල්ලෙක් ඇගට / පැන්නනෙ බුරාගෙන මට
මම හැරිල පස්සට /ආපසු දුවන එකලට
කලු මිනිහෙක් උසට /හිටියනෙ පාරෙ හරහට

(මම බොහොම බය උනා..මගෙ පණ...)

අන්න කෙනෙක් දුර සිට/ එනවා පෙනුන මෙමාට
මම දිව්ව එතනට /මේ විස්තරය කියන්න
මම ලගට ගිය විට /ඈ සුර කුමරිය ලෙසට
කිව්ව මෙමාට /බය නොවනු එයාට

ඔයා ගිටර් ගහන්න/ ලක්ෂන සින්දු කියන්න
මට ආසයි නටන්ට /කියල කිව්ව මෙමාට
මම ගිටර් ගහනව /ලක්ශන සින්දු කියනවා
තාලෙට එයත් නටනවා /මට දුකත් හිතෙනවා

මම කිව්ව එයාට /හොද නැහැ පාරෙ නටන්ට
අපි යමුකො එහාට /ගිය මිනි කනත්තට
මම ගිටර් ගහනවා /ලක්ෂන බයිල කියනවා
මට මෙහෙම පේනවා /මලමිනි නැගිට රගනවා

(මම බොහොම බය උනා..මගෙ පණ...)

සුදෝ එපා නටන්න /අපි යමුකො ගෙදරට
අපෙ අම්ම ඔයාට /ආදරෙ වේවි හරියට
මම මෙහෙම කිව්වම /එය පැන්න අහසට
හූ කියාගෙන /නැවතත් පැන්න පොලවට

එය රවනව මෙමට /මම ගැහෙනව බයට
ඇ‍‍ගෙ දත් දෙකක් දිගයි /ඇස්දෙක ගිනිගොඩක් වගෙයි
මම පැන්න අහකට /ගිටරෙක ගත්ත දෑතට
දුන්න ඔලු‍වට /ගිටරෙකෙ කෑලි හැලෙන්න

මේ ශබ්දය ඇසිලා /මුරකරුවො නැගිටලා
මට වතුරපොවාලා /බැස්සුව ගෙදර ගෙනෙහිල්ලා
මේ විස්තරෙ අහල /අපේ අම්ම බය වෙලා
මට බලියක් ඇරලා /ගත්ත මාව බේරලා

(මම බොහොම බය උනා..මගෙ පණ...)

Anton Jones

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.mediafire.com/?dod2ltyjt3w


No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා