කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත
ඔබ සිනාසෙන්න නෑ දන්නේ
පියාබන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ //
ඇල ඉවුරේ ගුරුපාරේ වැට අයිනේ අඩිපාරේ
මා දැකලා හැමවාරේ . . හා හා ඇයි රවන්නෙ මා දිහාද
පෙම්කරන්න අපි එපාද දැන්
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත. . //
ඈත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගෙ කාලේ
ආහා තරහගන්නෙ පව් නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත. . //