Saturday, June 9, 2012
මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයි නෙ ඔයා
මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයි නෙ ඔයා
ලස්සන මූනේ මල් මදහාසේ කවුරුද ගත්ත හොරා
නෑ ඉස්සර වාගේ දැන් සෙල්ලම් කාලේ
පාර බලාගෙන මේ කා එනකන්ද නගේ
කොන්ඩෙට මල්ගහලා දෑතෙ වලලු දාලා
ඉස්සර මට කීදේ ඇයි අමතක වෙන්නේ
පාර බලාගෙන මේ කා එනකන්ද නගේ
ඉස්සර මට කීදේ ඇයි අමතක වෙන්නේ
ඒකතමයි ලෝකේ ගෑනුන්ගේ තාලේ
මා තරහා නම් නෑ වරදක් වෙන්නෙත් නෑ
ඇයි මුල අමතක මේ කවදා හෝ තේරේ
http://www.youtube.com/watch?v=1JDilbXLOYw
Friday, February 3, 2012
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත
ඔබ සිනාසෙන්න නෑ දන්නේ
පියාබන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ //
ඇල ඉවුරේ ගුරුපාරේ වැට අයිනේ අඩිපාරේ
මා දැකලා හැමවාරේ . . හා හා ඇයි රවන්නෙ මා දිහාද
පෙම්කරන්න අපි එපාද දැන්
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත. . //
ඈත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගෙ කාලේ
ආහා තරහගන්නෙ පව් නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත. . //
Friday, January 13, 2012
සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැගවී යනවා
ඈ ඉන්නේ සඳ රේණුයේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ
පායන්න යළි මේ ලෙසේ
වෑහෙන්න මධු ජීවිතේ
රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ
Victor Rathnayaka
කතරක තනිවී ඔබ යන අයුරු තෙමි තෙමී
කතරක තනිවී ඔබ යන අයුරු තෙමි තෙමී
හිමසෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳී
පැමිණෙන දුක් පැණිරස බව නොදිටුවෙද දනී
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට හෙවණ මම වෙමි
තෙමිච්ච හද ගඟ උතුරා ගලනු දැනි දැනී
තව වෙන තැන් තිබුනට නිහඩවම හිනැහෙමි
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙසිත කුමටද නැතිවිට මුව මුකුළු
ගඟක් ලෙස ගලාවිත් නැවි නැවී දඟ වැදී
මගෙත් දෙපා පිසගනු මැන සිහිල
හිමසෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳී
පැමිණෙන දුක් පැණිරස බව නොදිටුවෙද දනී
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට හෙවණ මම වෙමි
තෙමිච්ච හද ගඟ උතුරා ගලනු දැනි දැනී
තව වෙන තැන් තිබුනට නිහඩවම හිනැහෙමි
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙසිත කුමටද නැතිවිට මුව මුකුළු
ගඟක් ලෙස ගලාවිත් නැවි නැවී දඟ වැදී
මගෙත් දෙපා පිසගනු මැන සිහිල
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි //
ලා ලියරුව දීලා
පා මිනි හඩවාලා //
උක්දඩු කැලේ
මල්සර සැලේ වසන්ත කාලයේ
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
ලා හිරුකැන් පායා
මා හද පිබිදීලා
කින්නර කොනේ.. රංගන දිලේ
නුවන් අවන්හලේ
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
Victor Rathnayaka
Subscribe to:
Posts (Atom)