රෑ පැල් රැකලා පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නලවා
එන මදපවන සුබයි
බොල් පිනිමත ලා හිරු රැස් විටිලා
මැනික් ලෙසින් දිලිසේ
මට බහදුන් දා විලියෙන් ඇඹරුන
මැනිකගෙ නෙත් විලසේ
මෙදා සැරේ කුරහන් කිරිවැටිලා
සුලගේ ලෙලදෙනවා
කුඹුකෙන් නාගෙන වරකන්දා යන
මැනිකෙව සිහිවෙන්නේ
ගොවිතැන් සාරයි ඒකෙන් නෑ නොවැ
අතමිට අඩුපාඩු
පලදන්නම් ගෙල මාල සවන් යුග
ලෙලවමි රන් තෝඩු
ගේ පොඩියෙත් වැඩපල අවසන්
එලියක් එයි නෑ නේ
මේ කන්නයෙ බිම අස්වනු කැපුවම
මැනිකෙත් එනවාලූ
(රෑ පැල් රැකලා පැ...)
C.T.Fernando
No comments:
Post a Comment
කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා