Sunday, January 2, 2011

පිට රට නෝන කෙනෙක්

පිට රට නෝන කෙනෙක් / සංචාරෙ ආපු කෙනෙක්
මූදු වෙරලෙදි මුන ගැහුනා
ලංකාවට කැමති කෙනෙක් / රට බලන්න ආස කෙනෙක්
ගමන යන්න මම එකතු උනා

ආතර් අයියගෙ කාර් එකට / කුලිය ගෙව්ව හයර් එකට
ගමන අපේ මුලු සතිය පුරා
රටතොට දැනගන්නට විස්තර අහගන්නට
ආතර් අයිය නියම රියදුරා

අපෙ රට ලස්සනලු හරි ලස්සනලු
මෙහෙ පදිංචි වෙන්නට , මෙහෙ ඉන්නට හිතලු
අපෙ රට ලස්සනලු හරි ලස්සනලු
මෙහෙ පදිංචි වෙන්නට , මෙහෙ ඉන්නට හිතලු

බටලීයෙදි දුන්න කජූ දැකල ප්රියවතී ලදුන්
නුවර ගියෙ කඩුගන්නාවේ
විස්තර කියන අතර / පෙන්නුව දළදා මැදුර
සුදු නොනා හරි සන්තෝසේ

දුන්හිද දිය ඇල්ලයි / තේදලු නෙලන ලදයි
කන්ද උඩ රටේ සිරියාවයි
සීතල දේශගුණෙයි / යු‍රෝපෙ වාගෙ දැනෙයි
සැමගේ ගත සිත සනසයි

සදකඩ පහණ දැකල / රුවන්වැලි සෑය බලල
රජරට අනුරාධපුරේ
මිස්සක පව්ව නැගල / දබුලු විහාරෙ වැදල
මම කියාල දුන්න විස්තරේ

සීගිරි සෙවනෙ ඉදන් / නැරබුව බිතු සිතුවම්
කාශ්‍යප රජු මතක් උනා
ත්රීකුනාමලයෙ ඉදන් / දැකලා උනුදිය ලිං
තව බලන්න කාලෙ මදි උනා

M.S.Fernando

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා