Monday, January 3, 2011

කන්දේ හැප්පුන මහ වනන්තරේ

කන්දේ හැප්පුන මහ වනන්තරේ
ඊ ජී අට අහස් යන්තරේ
මාරුවා කල ,මිතුරෙ බේරෙන්න බෑ සසරෙ
කගෙද මට වරද නොතේරේ

මම පත්තරෙ බලල /උපුට ගත්තේ සොයල
කියනෙමි විස්තර කරල
හොද හැටි ගලපාලා / එහි ඇති දුක්බර කිරල
ගයන්නෙ මම අසන්න උබලා

හැත්තැහතරෙ වර්ශෙ /දෙසැම්බර් සිව්වෙනි දවසේ
උනු දෙය අසන්න අහසේ
අඩාල බොහො සේ / වැලපුනාලු දුකසේ
අසාල අහස්යානෙ විනාසෙ

සිරිලක් අහසේ /මස්කෙලිය ප්රදේශේ
රෑ දහයට බදාද දවසේ
හෙන පාරක් සේ /පුපුර දෙදෙරුව අහසේ
කිසිවෙක් නොදනෙති රහසේ

(කන්දේ හැප්පුන ම..... )

එකසිය අනූඑක් දෙනෙක් /ගෙන ආ අහස්යානයක්
තත්පරේට උනා අලුගොඩක්
වන්දනා පිරිසක් /අතර ගැහැනු පනස්නම දෙනෙක්
මරු අරගත්‍තනෙ බිල්ලක්

එදා බදාදා දිනේ /අහස් යාන ගුවනේ
මක්කම බලා පිටත් උනේ
කිසි කෙනෙක් නොදන්නේ / අන්තිම ගමනය යන්නේ
පූරුවෙ කල කරුමයක් අනේ

ගුවන් ‍තොටුපලේ ඉදන් / සැතැප්ම ගානකට දුරින්
වැටුන අහස් යානය දැවෙමින්
මස්කෙලියට නුදුරින් / ගිණිජාල පුපුරමින්
පොලවට වැටුනෙ මලකදන්

(කන්දේ හැප්පුන ම..... )

දවස් ගනනක් තිස්සේ / මළකදන් කැලෑව අස්සේ
සෙව්ව නේද අපේ කට්ටිය
කලකට පස්සේ /ලැබුන බ්ලැක් බොක්ස් එක අයිසේ
‍යානාවෙ කලු පෙටිටිය

කලු පෙට්ටිය ලැබුනා / ටේප් පටි කෑලිත් තිබුනා
නමුත් මේක මට අභිරහසක්
වරද හෙලි උනා /මොකක්ද කියල වැටහුනා
යාන්ත්රී කරන දෝශයක්

(කන්දේ හැප්පුන ම..... )

Anton Jones

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.4shared.com/audio/n7Updmaa/Kande_Hapuna_Maha_Wananthare_-.html?cau2=403tNull

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා