Saturday, January 8, 2011

රේස් පත්තරේ

රේස් පත්තරේ අස්පයො විස්තරේ
පාන්දරම අනේ අපෝයි ගේනවා
සූදු සාස්තරේ දිනන්න සස්තරේ
ජොකිය නොවෙයි බුකී මෑන් දන්නවා

රිකී ටාවි ‍පේල් පෙස්ට පල් වෙලා
perfect ටයිමින් හොම්බෙන් පැරදිලා
බූට් පොලිස් ජොකියව බිම පෙරලලා
අප්සෙට් බඩුවක් කප් එක උස්සලා

(රේස් පත්තරේ අස්ප...)

ටාන්ස්ගේ ඩබලට මගෙ හිත ගියා
පිස්සුද බන් අතගහන්නෙ එඩරියා
පටිකැඩුනත් කවිතං වැඩ කාරයා
රොබින්සන්ලු බීකුක්ගේ මාරයා

(රේස් පත්තරේ අස්ප...)

ඔෆිස් එකේ ලොකු ලොක්කන් බලනවා
ෆැක්ටරියේ කම්කරුවන් බලනවා
හරියට ටිප් එක ලැබුනොත් දිනනවා
දිනපුදාට උඩපැනලා නටනවා

(රේස් පත්තරේ අස්ප...)

Desmond de Silva

ලින්ක් එක සදහා ඉවසන්න

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා