Thursday, January 6, 2011

මංගලිකා මනාලිකා

මංගලිකා මනාලිකා ,ඔබ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
යන්න එපා කෝප වෙලා ,ඉන්න වේවි සෝක වෙලා
ආදර වන්තියේ මගේ

කොහෝ ගියත් මුදල් හොයන් ගෙදර එනව නම්
මම එනකොට එන්නෙත් ලොකුවට මල්ලක් පුරවන්
බත් වියලා කොස් වියල කන්න දුන්නෙ මං
මෙන්න බොලේ මේ යෝදිට මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා
ගියොත් ආයේ එන්න එපා

(මංගලිකා මනාලිකා ඔබ නො......)

රන් මිණි මුතු දෙකන් තෝඩු ගෙනල්ල දෙන්නං
රන් පට සළු සාරි ඔසරි තෑගි කරන්නං
යන්න කැමති සෑම තැනම එක්ක ගියේ මං
මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා
ගියොත් ආයේ එන්න එපා

(මංගලිකා මනාලිකා ඔබ නො‍‍..... )

Walter Fernando

ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.mediafire.com/?xizunxjmjf0

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා