Tuesday, July 26, 2011

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරුනු නගරයයි//

වැව් ඉවුරේ දියරල පෙල සේම බිදෙනවා
නුග ගස්පෙල අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කදුලැල්ලෙන් එතෙර පෙනනවා
ඔබත් එක්ක ආයෙත් එහෙ යන්න හිතෙනවා

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරුනු නගරයයි//

ඔබත් අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිගිති පුතා අතැගිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරුනු නගරයයි//


No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා