Tuesday, July 26, 2011

හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට

හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
සිත මගෙ බොලද වෙලා
අන්සතු හදකට පෙම්කල වරදට
නුඔ මට එරෙහි වෙලා

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බෑ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී

හිමි නැති පෙමකට ඉකිබිද...//

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සි‍‍තෙයි අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිද හිනැහෙනු මැනවී

හිමි නැති පෙමකට ඉකිබිද...//

Malani Bulathsinhala

බාගන්න

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා