Sunday, July 24, 2011

ලංකාවෙ ඉදලයි මම ආවෙ සීතල රටට අනේ

ලංකාවෙ ඉදලයි මම ආවෙ සීතල රටට අනේ
ආවට පස්සෙයි තේරුනේ අනෙ මගේ රටේ අ‍ගේ
ඒ උනාට මට තිබුනෙත් හොදටම රටයන උනුසුම නේ
නිතරම හිතුවේ ඇමරිකාව සහ එංගලන්තෙ ගැනනේ

මගේ රටේ නම් කන්නේ බොන්නේ ඔක්කොම හොරෙන් අනේ
මෙහෙත් එහෙම දේවල් හරියට අනෙ හරිම සූපිං නේ
යන යන හැම තැන කන්නයි බොන්නයි බීලම හෙඩෙක් අනේ
ආපහු යනකොට කොහොම ඉදීද කියල දන්නෑ අනේ

ලංකාවෙ ඉදලයි මම......

මගේ රටේ අය මෙහේ අවම මොනවද වෙනව අනේ
ඒවා දැකලා මටත් අනේ දැන් මොකද්ද වෙලා වගේ
ඉයස් ඉයස් යු නෝ කියලා බැන්නලු කට මගෙ උලුක් අනේ
අලුත්ම වචනේ ඉගෙනෙගත්තෙ මම ඊයස් කියලානේ

ලංකාවෙ ඉදලයි ම.....

අනේ අපොයි මං කවදා යන්නද මගේ රටට ආයේ
ගෙදරයි ඉඩමයි ඔක්කොම තියලයි මම මෙහෙට ආවෙ
ඇඩෙනව ඇඩෙනව ඇඩිලා ඉවරයි කදුලුත් නෑ අනේ
ආපහු යන්නේ ලංකාවට මම ක්වීන්ව අරන් අනේ

ලංකාවෙ ඉදලයි මම......

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා