Thursday, April 28, 2011

කලේ පැන් ඇත නැවුම් රහ නැත

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිදට වූයේ
පුලුස්සාගත් රොටිය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

සැලේ ගහකොට සුලග ඇතඑද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඩ නැත
සවන් බිහිරිව ගියාදෝ

පුරුදු නිවහන ‍නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්

Sunil Edirisinghe

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා