Tuesday, March 15, 2011

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙප ලග දණ ගහලා
දැඩිකල මවුට වදිනවා //

දුකට සැපට පිහිට අපට දෙනව මෑනියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මොඩයෝ
දසමස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑනියෝ

දෑතදෙපය නොකඩා දැඩිකරපු අම්මට
දෝතනගා වදිනව මම මගේ අම්මට
ලෙඩදුක දෙක බැලුවා දිව රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑනියෝ

මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා ලෙඩ නොකියා
සිහිවේ මං මරන මංචකේ

ප්රේම කරන කරන කෙල්ලට නම් හොදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මොඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ//

කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට
පසුනොව බොරු මිතුරා ඇස්දෙක යයි පුපුරා
දස්කම්ඇයි නුබේ අම්මට

මරුව ඇවිත් දගලන කල පණ ගෙනයන්න
බේරගන්න බැරි තැන අඩගසයි අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඩගහනව
පුතාගෙ සැප එවෙලෙට ඉවරයි

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා/

Maxwell Mendis

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා