Wednesday, March 16, 2011

එව්රි සන්ඩෙ හවසට

එව්රි සන්ඩෙ හවසට
ටවුමෙ ලංසි ගෙදර
කොල්ලො කෙල්ලො එනව පාලු කපන්න
එයාල ගිටාර් ගහනව ලස්සන බයිල කියනව
පාටි දමනව රෑ දෙගොඩ හරියට

සාලෙ මැද්දෙ නටන්න
අපිත් යමුකො එතනට
එහෙ බජව් එකට සපෝට් කරන්න
බෝතල් ජයට තියනවා
ආතල් වෙන්න හිතෙනවා
බයිල නටනව ඒ ගෙදර එලිපිට

ඩොක්ය ඩොලී ලස්සන නැන්සී
නටව දැන් තරගෙට ගැස්සී
ඇගේ මමී කෙට්ටු ඩෙසී රතුඋස පොලිසී
එයා බයිල නටන්නට හරි පිස්සී

ලුන්ඩි ඇදපු කලු කොට ප්‍රීසී
පියර බබා වගේ හරි මැක්සී
ඇගේ හබී සීමන් කිය බේබදු මැක්සී
එයා ගෙදර යන්න හොයනව ටැක්සී

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා