Friday, August 12, 2011

ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සගවාගනු බෑ නෙ ආදරේ

ඔබ මුලින් දුටුව දින මා
මුලු හදවතින්ම බැදුනා
මතකයි එදිනේ රහසින් බැදුනා ආදරේ....

සිත ඔබ ලගින්ම රැදුනා
මට කියාදෙන්න සිතුනා
තාමත් පවසාගනු බෑ ම‍හදේ ආදරේ........

ආදරේ ආදරේ ආදරේ ආදරේ//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවාගනු බෑ නෙ ආදරේ

සිත නොදුන්නාද අසලා
කාටවත් නොමැත කියලා
මාගෙන් කිසිදා නැඇසූ නොකියූ ආදරේ......
සුරගනක් ලෙසින් දකිනා
සුබ දසුනකි මන බදිනා
ඔබගෙන් තවනෑ පැතුයේ පතනා ආදරේ....

ආදරේ ආදරේ ආදරේ ආදරේ//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවාගනු බෑ නෙ ආදරේ

සිහිනෙනුත් ඔබව දුටුවා
සැබවිනුත් ඔබව දුටුවා
දෙනෙතින් ඔබනෑ දුටුවේ තවනෑ ආදරේ....
තනියෙනුත් පාලුවෙන් මා
අද ගෙවන දිවිය සැමදා
ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ ආදරේ.....

ආදරේ ආදරේ ආදරේ ආදරේ//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවාගනු බෑ නෙ ආදරේ

Sohan Weerasinghe

බාගන්න

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා