Wednesday, June 1, 2011

කාගෙද ගොං වස්සා

මගෙ කුඹුරේ ඉනි වැට බිදිලා
ලපටි ගොයම් පැල කාදමලා
රැක සිටියෙමි වෙහෙසක් නොබලා
අල්ලාගෙන ආවෙමි බැදලා

කාගෙද ගොං වස්සා
මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා
පවරා දෙමි වස්සා

කාගෙද මේ හොර වසු පැටියා
සොයා කෙනෙක් එන තුරු සිටියා
අය කරගෙන දෙමි හොර කොටියා

කාගෙද ගොං වස්සා //

සවස් වෙලා අපෙ ගේ පැත්තේ
කව්ද බොලේ එනවා දැක්කේ
වැටේ කඩුල්ලේ අර පැත්තේ
හදුනන මුහුනකි මම දැක්කේ//

මොකද ලදේ මේ අරුමැක්කේ
කලකින් ඔබෙ ලස්සන දැක්කේ
අප ගැන ඇයි සැලකුම් නැත්තේ
මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ

කාගෙද ගොං වස්සා //

සිරිමල් අයියට පැණි වරකා
ගෙන ආවෙමි ගෙදරින් පොරකා
සිරිමල් අයියේ මට සලකා
දෙනවද මට මගෙ කලුහරකා

දුන්නට පැණි වරකා
දෙන්නම් කලුහරකා
මා ගැන තව සලකා
දෙනවද බහ මැණිකා

මට දෙනවද බහ මැණිකා ///

Annesley Malawana



No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා