Monday, October 17, 2011

සමකෝනී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත්



සමකෝනී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා ඈ තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා මා මේ මුල්ලේ සිටියා

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝනයේ පාද සමයි

සමච්චේද නෑ කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මූනට මූන බලා




No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා