Monday, October 17, 2011

ගුරු පාරදිගේ සිනා සලාලා


ගුරු පාරදිගේ සිනා සලාලා
සුදු ලමාසාරියෙන් සැරසීලා
මුදා අරුනු රැල්ලක් සේ
අකුරට ගිය බාල ලියන්
අද කොහේ ගියාදෝ

පාන්දරින් මුතු පින්නේ මල් සිනාසුනා
කෝන් ගහේ අතු අස්සෙන් ඉර සිනාසුනා
අපි තොටමුන ලග මුනගැහිලා කියාදුන්න කතා කිය කියා
අද ඒ ලස්සන කෝ... උදා ඉරේ

ඈත් වෙලා ගමෙන් නුබත්
කාලය ගෙවුනා
අතමිට සරු වී නෙලන්න බැරි මලක් උනා
මග තොට දුටුවත් ඉදහිටලා ... නාදුනා ලෙස දුරස්වෙලා
අද ඒ ලස්සන කෝ නුබේ හිතේ

Victor Rathnayaka


No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා