තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ
පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්ඩ
කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක
No comments:
Post a Comment
කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා