එව්රි සන්ඩෙ හවසට
ටවුමෙ ලංසි ගෙදර
කොල්ලො කෙල්ලො එනව පාලු කපන්න
එයාල ගිටාර් ගහනව ලස්සන බයිල කියනව
පාටි දමනව රෑ දෙගොඩ හරියට
සාලෙ මැද්දෙ නටන්න
අපිත් යමුකො එතනට
එහෙ බජව් එකට සපෝට් කරන්න
බෝතල් ජයට තියනවා
ආතල් වෙන්න හිතෙනවා
බයිල නටනව ඒ ගෙදර එලිපිට
ඩොක්ය ඩොලී ලස්සන නැන්සී
නටව දැන් තරගෙට ගැස්සී
ඇගේ මමී කෙට්ටු ඩෙසී රතුඋස පොලිසී
එයා බයිල නටන්නට හරි පිස්සී
ලුන්ඩි ඇදපු කලු කොට ප්රීසී
පියර බබා වගේ හරි මැක්සී
ඇගේ හබී සීමන් කිය බේබදු මැක්සී
එයා ගෙදර යන්න හොයනව ටැක්සී
Wednesday, March 16, 2011
සිරියාවි නුබව මම කෝච්චියෙන්

සිරියාවි නුබව මම කෝච්චියෙන් කොලඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
උබ එව්ව ලිවුම මගෙ පෙට්ටගමේ තවම හිනාවෙනවා
අර කොට්ට උරේ මම ඉබ ඉබ තාමත් සුවසේ නිදියනවා
හෝ ගාන පොකුණ ගාවට මම උබෙ අත අල්ලාගෙන යනාවා
සුදු වැල්ල සිබින කිරි පෙනපිඩු ඇවිදින් ඔන්න හාදු දෙනවා
රජ ගෙදර ලගට නුබ එක්ක ගිහින් හැමදේම කියා දෙනවා
අපි ට්රෑම් කාර්වල නැගලා සතොසින් කොලඹ වටේ යනවා
එහෙ ගෝල්ෆේස් එකෙ උබ දන්නේ නෑ අස්සපැටව් යනවා
ඒව දැකල මගෙ සිරියාවියෙ උබ තවත් තුරුලු වෙනවා
සුදුමහත්තැන්ල හිට උබෙ රුව දැකලා හොරෙන් හිනාවෙනවා
මේ අප්පුව ඒවා දැක දැක සතුටින් ආඩම්බර වෙනවා
සිරියාවි නුබව මම කෝච්චියෙන් කොලඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
උබ නාඩ ඉදින් මගෙ රත්තරනේ මම එන පෝයට එනවා
මේ කුප්පි ලාම්පුවෙ තෙල්ටික ඉවරයි දැන් මම නවතිනවා
Rodney Warnakula
http://www.youtube.com/watch?v=29e_cEK7iok
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
උබ එව්ව ලිවුම මගෙ පෙට්ටගමේ තවම හිනාවෙනවා
අර කොට්ට උරේ මම ඉබ ඉබ තාමත් සුවසේ නිදියනවා
හෝ ගාන පොකුණ ගාවට මම උබෙ අත අල්ලාගෙන යනාවා
සුදු වැල්ල සිබින කිරි පෙනපිඩු ඇවිදින් ඔන්න හාදු දෙනවා
රජ ගෙදර ලගට නුබ එක්ක ගිහින් හැමදේම කියා දෙනවා
අපි ට්රෑම් කාර්වල නැගලා සතොසින් කොලඹ වටේ යනවා
එහෙ ගෝල්ෆේස් එකෙ උබ දන්නේ නෑ අස්සපැටව් යනවා
ඒව දැකල මගෙ සිරියාවියෙ උබ තවත් තුරුලු වෙනවා
සුදුමහත්තැන්ල හිට උබෙ රුව දැකලා හොරෙන් හිනාවෙනවා
මේ අප්පුව ඒවා දැක දැක සතුටින් ආඩම්බර වෙනවා
සිරියාවි නුබව මම කෝච්චියෙන් කොලඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා
උබ නාඩ ඉදින් මගෙ රත්තරනේ මම එන පෝයට එනවා
මේ කුප්පි ලාම්පුවෙ තෙල්ටික ඉවරයි දැන් මම නවතිනවා
Rodney Warnakula
http://www.youtube.com/watch?v=29e_cEK7iok
Tuesday, March 15, 2011
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙප ලග දණ ගහලා
දැඩිකල මවුට වදිනවා //
දුකට සැපට පිහිට අපට දෙනව මෑනියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මොඩයෝ
දසමස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑනියෝ
දෑතදෙපය නොකඩා දැඩිකරපු අම්මට
දෝතනගා වදිනව මම මගේ අම්මට
ලෙඩදුක දෙක බැලුවා දිව රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑනියෝ
මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා ලෙඩ නොකියා
සිහිවේ මං මරන මංචකේ
ප්‍රේම කරන කරන කෙල්ලට නම් හොදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මොඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ//
කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට
පසුනොව බොරු මිතුරා ඇස්දෙක යයි පුපුරා
දස්කම්ඇයි නුබේ අම්මට
මරුව ඇවිත් දගලන කල පණ ගෙනයන්න
බේරගන්න බැරි තැන අඩගසයි අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඩගහනව
පුතාගෙ සැප එවෙලෙට ඉවරයි
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා/
Maxwell Mendis
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙප ලග දණ ගහලා
දැඩිකල මවුට වදිනවා //
දුකට සැපට පිහිට අපට දෙනව මෑනියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මොඩයෝ
දසමස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑනියෝ
දෑතදෙපය නොකඩා දැඩිකරපු අම්මට
දෝතනගා වදිනව මම මගේ අම්මට
ලෙඩදුක දෙක බැලුවා දිව රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑනියෝ
මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා ලෙඩ නොකියා
සිහිවේ මං මරන මංචකේ
ප්‍රේම කරන කරන කෙල්ලට නම් හොදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මොඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ//
කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට
පසුනොව බොරු මිතුරා ඇස්දෙක යයි පුපුරා
දස්කම්ඇයි නුබේ අම්මට
මරුව ඇවිත් දගලන කල පණ ගෙනයන්න
බේරගන්න බැරි තැන අඩගසයි අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඩගහනව
පුතාගෙ සැප එවෙලෙට ඉවරයි
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා/
Maxwell Mendis
මං බදින්නෙ නෑ
මං බදින්නෙ නෑ ,දුක් විදින්න බෑ
වද කෙරුවත් ,හෙට මැරුනත් ,මං බදින්නෙ නෑ
සත්තයි
මැරෙමි මම නොකා ,ඔය කෙල්ලො නං එපා
සිටන් බාලෙ ,රැක්ක සීලෙ අත්හරින්නෙ නෑ
දැන් කාලේ කෙල්ලන් හට කෙරුවට ආලේ
විස්වාසය බැහැ තබන්න කොහෙත්ම රාලේ
නුබ මගෙ පණ මැරෙනව මම ඔබ නැති කාලේ
ඔහොම කියන අය හපන්නෙ තමන්ම....
මුලින් හොදට පණ දෙන්නයි කතා කරන්නේ
යටින් තවත් කෙනෙක් ගැනයි හිතේ තියෙන්නේ
මම උබටයි නුබ මෙමටයි මුලදි කියන්නේ
බොරු නරකයි රවටන්නට ඇයිද ලැබෙන්නෙ
මං බදින්නෙ නෑ දුක් විදින්න බෑ//
මෙලොව සැපත ඔබ නැති නමි කුමට රත්තරං
පොරොන්දු වෙමි ඔබ තනිකර නොයන්නට ඉතිං
ඔබ මැරුනොත් මමත් මැරෙමි කියයිදො සිතින්
මේව අසා කෙල්ලො කොල්ලො වෙනව අතරමං
බැදපු අලුත බොහොම හොදට කතා කරනවා
කල් යනකොට ඇත් හොද නොහොදට පෙරලෙනවා
නැති දේවල් ඇති කරමින් සැක උපදනවා
අන්තිමේදි උසාවි වල පෙනී සිටිනවා
මං බදින්නෙ නෑ දුක් විදින්න බෑ//
Maxwell Mendis
වද කෙරුවත් ,හෙට මැරුනත් ,මං බදින්නෙ නෑ
සත්තයි
මැරෙමි මම නොකා ,ඔය කෙල්ලො නං එපා
සිටන් බාලෙ ,රැක්ක සීලෙ අත්හරින්නෙ නෑ
දැන් කාලේ කෙල්ලන් හට කෙරුවට ආලේ
විස්වාසය බැහැ තබන්න කොහෙත්ම රාලේ
නුබ මගෙ පණ මැරෙනව මම ඔබ නැති කාලේ
ඔහොම කියන අය හපන්නෙ තමන්ම....
මුලින් හොදට පණ දෙන්නයි කතා කරන්නේ
යටින් තවත් කෙනෙක් ගැනයි හිතේ තියෙන්නේ
මම උබටයි නුබ මෙමටයි මුලදි කියන්නේ
බොරු නරකයි රවටන්නට ඇයිද ලැබෙන්නෙ
මං බදින්නෙ නෑ දුක් විදින්න බෑ//
මෙලොව සැපත ඔබ නැති නමි කුමට රත්තරං
පොරොන්දු වෙමි ඔබ තනිකර නොයන්නට ඉතිං
ඔබ මැරුනොත් මමත් මැරෙමි කියයිදො සිතින්
මේව අසා කෙල්ලො කොල්ලො වෙනව අතරමං
බැදපු අලුත බොහොම හොදට කතා කරනවා
කල් යනකොට ඇත් හොද නොහොදට පෙරලෙනවා
නැති දේවල් ඇති කරමින් සැක උපදනවා
අන්තිමේදි උසාවි වල පෙනී සිටිනවා
මං බදින්නෙ නෑ දුක් විදින්න බෑ//
Maxwell Mendis
අද හෙට ඔබ මා මගහැර යන බව
අද හෙට ඔබ මා මගහැර යන බව
දැනගන්නට ලැබුනා රහසින් මට ඇසුනා
ඔබ රවටා නැත
ඔබ හඩවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසක තතු නොහැගෙයි
අද හෙට ඔබ මා මගහැර යන බව/
යොමුවී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමනකි ලග
දැන් ඔබ මා රිදවා යලි වෙනතක බැදිලා
අද හෙට ඔබ මා මගහැර යන බව/
Milton Mallawarachchi
දැනගන්නට ලැබුනා රහසින් මට ඇසුනා
ඔබ රවටා නැත
ඔබ හඩවා නැත
දැන දැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසක තතු නොහැගෙයි
අද හෙට ඔබ මා මගහැර යන බව/
යොමුවී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමනකි ලග
දැන් ඔබ මා රිදවා යලි වෙනතක බැදිලා
අද හෙට ඔබ මා මගහැර යන බව/
Milton Mallawarachchi
Monday, March 14, 2011
අදුර බිදින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා
අදුර බිදින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
මතකය නම් වූ මලපොත පෙරලා
මලගිය ඊයේ සිහිපත් කල මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දැතෙහි දසගිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත .. හිස් බවකිය ඇත්තේ
අදුර බිදින්නට රැයක් දවාලු
සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යවුවන විය පියවර තබනා සද
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යලි පැමිණී ඇත
කරුමෙකි පැවසෙන්නේ
එපමනයි.. පිලිසරණය වන්නේ
http://ananmanan.org/sinhala_mp3/Victor_Rathnayaka_Adura_Bidinnata.mp3
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
මතකය නම් වූ මලපොත පෙරලා
මලගිය ඊයේ සිහිපත් කල මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දැතෙහි දසගිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත .. හිස් බවකිය ඇත්තේ
අදුර බිදින්නට රැයක් දවාලු
සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යවුවන විය පියවර තබනා සද
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යලි පැමිණී ඇත
කරුමෙකි පැවසෙන්නේ
එපමනයි.. පිලිසරණය වන්නේ
http://ananmanan.org/sinhala_mp3/Victor_Rathnayaka_Adura_Bidinnata.mp3
තනිවී සිටින්නයි මා අදහස්කලේ
තනිවී සිටින්නයි මා ,අදහස්කලේ
ඔබමයි සොයා ඇවිදින් ,එය වෙනස්කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
මගෙ පාලු ලෝකයේ ,තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ ,නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ,ගත හැක නමා
මට දුක සිතෙන්නේ ,ඔබ ගැන තමා
තනිවී සිටින්නයි මා අදහස්කලේ/
ඔබ චේතනා ..ර්ථනා ,මා සිතදනී
අවට ලෝකයේ බැලුම් ,විසකටු ඇනී
ඒ කටු අපේ දෙහදේ ,ගැබුරේ ඇනී
ගලන දුක් වේදනා ,රුධිරය වැනී
තනිවී සිටින්නයි මා අදහස්කලේ/
ඔබමයි සොයා ඇවිදින් ,එය වෙනස්කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
මගෙ පාලු ලෝකයේ ,තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ ,නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ,ගත හැක නමා
මට දුක සිතෙන්නේ ,ඔබ ගැන තමා
තනිවී සිටින්නයි මා අදහස්කලේ/
ඔබ චේතනා ..ර්ථනා ,මා සිතදනී
අවට ලෝකයේ බැලුම් ,විසකටු ඇනී
ඒ කටු අපේ දෙහදේ ,ගැබුරේ ඇනී
ගලන දුක් වේදනා ,රුධිරය වැනී
තනිවී සිටින්නයි මා අදහස්කලේ/
Subscribe to:
Posts (Atom)