Thursday, January 30, 2014

තුන්සිත දැහැන් ගත වෙනා

තුන්සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන
ස්වරයෙ සප්ත වරුණ
සිත ළඟ ගයනවද ඔයා
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැ‍ඳවෙනා
සිනමා පටයෙ රැ‍ඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා

නෙතකට කඳුළ ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම
සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා
තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහා ගැයුම්
සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා
පෙම්බර වදන් වැල් විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක
දිවියක සැබෑ ලොවක
දුක්බර රැඟුම් නම් එපා
සුන්දර අදහසක් කියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක
සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා




No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා