Thursday, January 16, 2014

දිනෙක රන් සළු පලදා



දිනෙක රන් සළු පලදා සද නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි සොදුරියෙ පෙම් දෝලාවෙන්

ඇසුරු කල කම්පණ හා සැනසිලි පසමිතුරූ
ගෙවුනු යව්වන විය තනි නොතනියෙ උන් අයුරූ
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැද දා පවුරූ
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරූ

දිනෙක රන් සළු පලදා සද නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි සොදුරියෙ පෙම් දෝලාවෙන්

වියලි මග මහ වැලි කාන්තාර පසුකරවා
පවස සංසිදවන ලෙසදිය උල්පත් අරවා
පරව ගිලිහෙන තුරු සියොලග කලු  සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා

දිනෙක රන් සළු පලදා සද නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි සොදුරියෙ පෙම් දෝලාවෙන්

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා