Monday, October 17, 2011

දසිස් දිනා රුපු රජුන් නසා


දසිස් දිනා රුපු රජුන් නසා
ලොව තෙදින් තමා නතුකලෙම් මෙමා
එද එවන් ලොවෙන් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැලක් විනා

අදින් මතුව යලි සටන් වදින්නට
රජෙක් නොමැති සියහහසුන් කරා
සුසුම් හඩින් මිස
සිතින් බැහැර නොව
ඉදින් මගේ දුක කිරුල දරා

දිනූ විසල් ලොව
සිතින් හරින්නෙමි
උතුම් මිනිස්කම මවෙත රදා
මගේ දෙපා මුල වැටී මෙසේමම
කියම් මගේ දුක මටම හඩා


Sunil Edirisinghe

3 comments:

  1. මේ ගීතය "දසිස් දිනා" (දහසක් හිස් දිනා එනම් දහසක් හිස් සිඳ) නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්.. ඒක වැරදුනා ..දැන් හදල ඇති.. තෑන්ක්ස්

      Delete
  2. ලස්සන සින්දුවක්

    ReplyDelete

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා