Saturday, December 25, 2010

නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි

නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින්

අසරණයි මෙ‍මා වැරදි නෑ කලේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ලදේ මා කෙරේ
හදවතින් මිදී වේදනා සුසුම් පාවුනේ
නැතිව දෝ අපේ සි‍ත් එදා ලෙසින් යා වුනේ

2 comments:

  1. ලස්සන සින්දුවක්

    ReplyDelete
  2. මාරම ලස්සන සින්දුවක් 🥺❤️

    ReplyDelete

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා