Monday, December 20, 2010

සමහර තරුනො තරුණියන්ට රැවටිලා

ඔබගෙ අම්මද නැත්තම් ඔබගෙ බිරිදද
ඔබ ආදරෙ මේ දෙදෙනාගෙන් කාටද
ගෑනු අපට සිය ගණන් සෙව් හැකි
හැබැයි අම්ම කිව්වොත් එක්කෙනෙයිනෙ බොරු නැති

අතමිට කාසි පනම් ඇති විට
එතකොට ගෑනුත් ඇති වටපිට
එයල අතමිට නැති දා හැර යයි යන්නට
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට

සමහර තරුනො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කලා
ගෑනු ඕනෙතරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ

එදා චුල්ල පදුම රජතුමාගෙ බිසවට
පිපාසෙ උන කාන්තාරෙ යන කොට
රජා උරේ පලල ලේ දුන්නනෙ බොන්නට
රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට

ඈ ආස හිතිල අතපය නැති කොරෙකුට
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට
අම්ම එහෙම කරයිද තම පුතාට

එදා රජතුම සහ බිසව කැලේ යන විට
වැදි කුමරෙක් කඩා පැන්න සටනට
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට
ආස හිතුන රජතුමාගෙ බිසවට

කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට
කඩු කොපුව රජුට කඩුව දුන්න වැද්දට
අන්න ඒක නිසා නහින්න උන රජාට
ලමයො අම්ම එහෙම කරයිද තම පුතාට

ඔබෙ බිරිදව ඔබේ ලගට කැන්දා
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා
ඔබ බිරිදට ආදරෙන් ඉන්න සැමදා
මොකද ඔබෙ අම්මත් ගෑනුකෙනෙක් හන්දා

සමහර තරුනො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කලා
ගෑනු ඕනෙතරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ

M.S. Frenando

ගා ගන්නෙ නැතුව මෙතනින් බා ගන්න
http://www.sendspace.com/file/9ez7rw

1 comment:

  1. බොහොම ස්තූතියි සහෝ. මම් ගොඩක් ආස කරපු සිංදුවක් මේක

    ReplyDelete

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා