Monday, December 20, 2010

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මාහට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන

මම වැඩට යන්නෙ දවල් 10 පහුවෙලා
මගෙ යාලුවො ඇත මා එනතුරු පුල පුලා
අපි ලොකු මහත්මය එන වෙලා‍ව බල බලා
මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා

මම වැඩකරනව කියාල කන්තෝරුවෙ
මගෙ මේසෙ ලගින් ඉදගෙන මම යාලුවෙ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
කටුගැන ගැන ඉන්නව ඔරලෝසුවේ

පාටියකට යන්නට මට තිබුනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්

පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
මගෙ යාලුවො ටික කරල තියයි නූලට
දවසක් අසු වෙන්න ගිහින් ලොක්කට
බේරුනෙ මම පූරුවෙ ලොකු පිනකට

පඩි දින හැර අනික් දවස බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එන කොට මම වැඩපල බලා
දහවල් කෑමට යන්නට සිදුවෙලා

කෑමට පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස්වෙලා තිබෙනවා
එවිට මෙමට වැඩකරන්න හිතෙනවා
නමුත් එතකොට මත් කන්තෝරුව ඇරෙනවා

ගා ගන්නෙ නැතුව මෙතනින් බා ගන්න
http://download949.mediafire.com/fzjns216docg/tkk5iuljzdt/Kanthoruwa.zip

No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා