Saturday, June 8, 2013

මල් යහනාවකි ලෝකේ



මල් යහනාවකි ලෝකේ - නැහැවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී - ජීවය තණඅග පිණිබිදකී //

ඊයේ ගතවිය හෙට පැමිනී නැත - අද පමනයි ඇත්තේ//
සද බැස යාවිද‍ ඉරු නැග ඒවිද - එය ස්ථිර නැත්තේ//
සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුනු තැනදි ඇයි සිතමින් ලතවෙන්නේ

මල් යහනාවකි ලෝකේ - නැහැවෙ..

රන්වන් පැහැයෙන් රහසින් අමතන - මීවිත අතට ගමු //
මල් මදිරාවේ පෙම්සිලිලාරෙ - රසවිද ඔකද වෙමු //
පියාසලාගෙන කාලය පියබනවා - පමා උනෝතින් අප මග තනිවෙනවා

මල් යහනාවකි ලෝකේ - නැහැවෙ...

අඩමින් ඉපදී - අඩමින් පවසී - අඩමින් අප යන්නේ ///
එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි - ඇයි බල බල ඉන්නේ ///
පල නැත අවුරුදු සියයක් සුසුම් හෙලා
දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා


 M S Fernando 

 lyricsKarunarathne Abeysekara



Saturday, June 9, 2012

මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයි නෙ ඔයා


මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙ අදයි නෙ ඔයා
ලස්සන මූනේ මල් මදහාසේ කවුරුද ගත්ත හොරා

නෑ ඉස්සර වාගේ දැන් සෙල්ලම් කාලේ
පාර බලාගෙන මේ කා එනකන්ද නගේ
කොන්ඩෙට මල්ගහලා දෑ‍තෙ වලලු දාලා
ඉස්සර මට කීදේ ඇයි අමතක වෙන්නේ
පාර බලාගෙන මේ කා එනකන්ද නගේ

ඉස්සර මට කීදේ ඇයි අමතක වෙන්නේ
ඒකතමයි ලෝකේ ගෑනුන්ගේ තාලේ
මා තරහා නම් නෑ වරදක් වෙන්නෙත් නෑ
ඇයි මුල අමතක මේ කවදා හෝ තේරේ

http://www.youtube.com/watch?v=1JDilbXLOYw

Friday, February 3, 2012

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත



කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත
ඔබ සිනාසෙන්න නෑ දන්නේ
පියාබන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ //

ඇල ඉවුරේ ගුරුපාරේ වැට අයිනේ අඩිපාරේ
මා දැකලා හැමවාරේ . . හා හා ඇයි රවන්නෙ මා දිහාද
පෙම්කරන්න අපි එපාද දැන්

කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත. . //

ඈත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගෙ කාලේ
ආහා තරහගන්නෙ පව් නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්


කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනාබිදක් මට දෙන්නට සිත දීලා නැත. . //

Friday, January 13, 2012

සඳ මිදුලට එනවා



සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැගවී යනවා

ඈ ඉන්නේ සඳ රේණුයේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ

පායන්න යළි මේ ලෙසේ
වෑහෙන්න මධු ජීවිතේ
රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ


Victor Rathnayaka

කතරක තනිවී ඔබ යන අයුරු තෙමි තෙමී




කතරක තනිවී ඔබ යන අයුරු තෙමි තෙමී
හිමසෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක්‌ තැනම නොම රැඳී
පැමිණෙන දුක්‌ පැණිරස බව නොදිටුවෙද දනී

සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට හෙවණ මම වෙමි
තෙමිච්ච හද ගඟ උතුරා ගලනු දැනි දැනී
තව වෙන තැන් තිබුනට නිහඩවම හිනැහෙමි

විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙසිත කුමටද නැතිවිට මුව මුකුළු
ගඟක්‌ ලෙස ගලාවිත් නැවි නැවී දඟ වැදී
මගෙත් දෙපා පිසගනු මැන සිහිල



හිනැහෙන්න රෝමියෝ මමයි




හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි //

ලා ලියරුව දීලා
පා මිනි හඩවාලා //
උක්දඩු කැලේ
මල්සර සැලේ වසන්ත කාලයේ

හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි

ලා හිරුකැන් පායා
මා හද පිබිදීලා
කින්නර කොනේ.. රංගන දිලේ
නුවන් අවන්හලේ

හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි


Victor Rathnayaka


Friday, December 23, 2011

පිලේ පහන නිව්වා ම මගොම්මන් අඳුරේ


පිලේ පහන නිව්වා ම මගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ

පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්ඩ

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක