මල් යහනාවකි ලෝකේ - නැහැවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී - ජීවය තණඅග පිණිබිදකී //
ඊයේ ගතවිය හෙට පැමිනී නැත - අද පමනයි ඇත්තේ//
සද බැස යාවිද ඉරු නැග ඒවිද - එය ස්ථිර නැත්තේ//
සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුනු තැනදි ඇයි සිතමින් ලතවෙන්නේ
මල් යහනාවකි ලෝකේ - නැහැවෙ..
රන්වන් පැහැයෙන් රහසින් අමතන - මීවිත අතට ගමු //
මල් මදිරාවේ පෙම්සිලිලාරෙ - රසවිද ඔකද වෙමු //
පියාසලාගෙන කාලය පියබනවා - පමා උනෝතින් අප මග තනිවෙනවා
මල් යහනාවකි ලෝකේ - නැහැවෙ...
අඩමින් ඉපදී - අඩමින් පවසී - අඩමින් අප යන්නේ ///
එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි - ඇයි බල බල ඉන්නේ ///
පල නැත අවුරුදු සියයක් සුසුම් හෙලා
දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා
No comments:
Post a Comment
කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා