Thursday, January 30, 2014

තුන්සිත දැහැන් ගත වෙනා

තුන්සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන
ස්වරයෙ සප්ත වරුණ
සිත ළඟ ගයනවද ඔයා
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැ‍ඳවෙනා
සිනමා පටයෙ රැ‍ඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා

නෙතකට කඳුළ ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම
සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා
තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහා ගැයුම්
සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා
පෙම්බර වදන් වැල් විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක
දිවියක සැබෑ ලොවක
දුක්බර රැඟුම් නම් එපා
සුන්දර අදහසක් කියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක
සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා




Tuesday, January 21, 2014

මඩකලපුවෙ පොඩි කඩයක් දාගෙන

මොකටද අප්පා ජීවත්වෙල අනෙ මාව මැරෙන්නැතුව
මට ඉවසන බෑ අනේ මල්ලියේ සරස්වතී නැතුව
කොම්බුලේ සරස්වතී නැතුව
මොකටද අප්පා ජීවත්වෙල අනෙ මාව මැරෙන්නැතුව//

මඩකලපුවෙ පොඩි කඩයක් දාගෙන බිස්නස් සේරම හොදහැටි කරගෙන
සංතෝසෙන් සාමයෙන් හිටියා මල්‍ලියෙ බොහෝම ඉස්සර
බෝතාල් පත්තරේ බෝතාල් පත්තරේ

මල්ල දෙන්නයි ගෙදරට හිටියේ කොටීයො අරන් ගියා
නංගියි අක්කයි දෙන්නම රෑ හමුදාවෙන් අරන් ගියා
බෝම්බ වැදිලා අම්මයි අප්පයි සෙත්තපෝච්චි දඩම්
මගෙ කඩ බඩ සේරම දඩ බඩගාලා පොලවට පාත් උනා
අන්තිමෙ අනාත කදවුරෙ ඉදලා මෙහේට ශේප් උනා

මඩකලපුවෙ පොඩි කඩයක් දාගෙන බිස්නස් සේරම හොදහැටි කරගෙන
සංතෝසෙන් සාමයෙන් හිටියා මල්‍ලියෙ බොහෝම ඉස්සර
බෝතාල් පත්තරේ බෝතාල් පත්තරේ

අතපය කැඩිලා සෑහෙන කාලේ ඉස්පිරිතාලේ හිටියේ 
මම මැරෙන්න හැදුවා මැරෙන්න දුන් නෑ ඒකයි නොමැරී හිටියේ 
ජීවත් වෙන්නට විදියක් නෑ ඒකයි පාරට ආවේ
බොතල් පත්තර ගන්නවානෙ මම උතුරට යනතුරු ආයේ 

එහෙන් ගහනකොට මෙහෙන් ගහනවා බල්න්න බායේ බෑ 
උනුත් මැරෙනවා මුනුත් ම

Madakalapuwe podi kadayak dagena

Thursday, January 16, 2014

දිනෙක රන් සළු පලදා



දිනෙක රන් සළු පලදා සද නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි සොදුරියෙ පෙම් දෝලාවෙන්

ඇසුරු කල කම්පණ හා සැනසිලි පසමිතුරූ
ගෙවුනු යව්වන විය තනි නොතනියෙ උන් අයුරූ
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැද දා පවුරූ
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරූ

දිනෙක රන් සළු පලදා සද නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි සොදුරියෙ පෙම් දෝලාවෙන්

වියලි මග මහ වැලි කාන්තාර පසුකරවා
පවස සංසිදවන ලෙසදිය උල්පත් අරවා
පරව ගිලිහෙන තුරු සියොලග කලු  සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා

දිනෙක රන් සළු පලදා සද නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි සොදුරියෙ පෙම් දෝලාවෙන්