Friday, November 1, 2013

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැගුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

බිංදු බිංදු පිනි මුතුවැල් මඟ සරසනවා
මට නොකියම හෙමි හෙමිහිට පියල් සරනවා
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ

පොකුරු පොකුරු මල් සැණකෙලි ඔමරි .. .

මට මතකයි මට මතකයි පුංචිකාලේ මං
රෑ හීනෙන් දේදුන්නේ නැගීගියා මං
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑ වුනා
රිදී කාසි හැලෙන හඬින් සිත හිනාවුනා

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ..

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ
කවුරුන්හෝ මට කියන්න කණට කොඳුරලා
ආදරයද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා //

Latha Walpola



No comments:

Post a Comment

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා