Thursday, April 28, 2011

එක යායේ කකා වැටී

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පව්ලේ උපන්ලෙසේ
කල ආරක්සා
නාස් ලණුව දමනවාලු
කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුබ වේවිලු කඹරගොයා
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
දත ගලවා අතේ තියා
නුබ නටවයි ඒ ලමයා
පනවාලා දරුණු දණ්ඩ බන්දන නීතී

වලට වැටුනු එකා යකා
ව‍ලටම ඇදගනු නිසකා
වලෙන් උඩට එන්නට
අත දෙන්නට කැමතී
නෑදෑහිතෙක්වතෙක් නැතී
ඒගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි

Sunil Edirisinghe

1 comment:

  1. මේ ගීතය සුනිල් එදිරිසිංහ සමග බන්ධුල විජේවීර සහ එඩ්වඩ් ජයකොඩිත් කියනවා. එච්.ඩී ප්‍රේමරත්නගේ මංගල තෑග්ග චිත්‍රපටයේ එන මේ ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් ලියා එච්.එම් ජයවර්ධන සංගීතවත් කළ එකක්.

    ReplyDelete

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා