Friday, December 31, 2010

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්

සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
සැමදා තනි වෙන්නම්

ආසිරි ගී මැදපෝරුව මත හිද
මහපටගැලි බැද අතපැන් වත්කර
ඔබ කැදවා යන්නම්
නැති නම් තනි වෙන්නම්

ජීවනේ ගමනේ බාදක දුක සැප
එකසේ පිලිගෙන හිනැ‍හෙනු මැන ඔබ
තනියට ලග ඉන්නම්
නැතිනම් තනි වෙන්නම්

Saturday, December 25, 2010

ඝන්ටා නාදේ (අලි කුලප්පුව)

රම්ය මනහර ,දළදා මැදුර
අපි යංකො සුමිතුර ,බලන්න නුවර පෙරහැර
අවට කදුකරේ ,ඒ දලදා මැදුර
අපි යංකො සුමිතුර ,බලන්න නුවර පෙරහැර

කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙන
දිස්නය දෙන , ඇදුමෙන් නටයි පැන පැන
දිස්නයදෙන ඇදුමෙන් නටයි පැන පැන
කාන්ති බැබලෙන , නොයෙක් ඇදුම් ඇදගෙන

හේවිසි නාදෙ , ලීකෙලි වාදෙ
කසවෙඩි සද්දෙ , නිලවෙලාය මැද්දෙ
කසවෙඩි සද්දෙ නිලවෙලාය මැද්දෙ
අලියගෙ යුද්දෙ දැක්කෙ මම පෙරහැර මැද්දෙ

ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ
ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ

පෙර'''හැර එන කල බලන්න හිටියෙ පුල පුල
ඇතෙක් හොඩවැල උස්ස කෙරුව කලබල
ඇතෙක් හොඩවැල උස්ස කෙරුව කලබල
පොඩි පුතෙක් අතුපැල ,ඉදගෙන දිව්වෙ බල බල

බෙර කරුවො දුවනවා ,බෙර ඉබේ වදිනවා
පන්දං වැටෙනවා ,ගින්දර උඩින් පනිනවා
නැට්ටුවෝ දුවනවා ,ගෙජ්ජි පාරෙ හැලෙනවා
අයියෝ තෙරපෙනවා ,පොඩි ලමයි අඩනවා

ලමයි තෙරෙපුනා, මව්පියෝ වැලපුනා
බයේ දුවමිනා සමහරු වැවට පෙරලුනා
තවත් බොහො දෙනා, අනේ අතරමන් උනා
බොහො අය මැරුනා, පොඩි දරුවො පෑගුනා

(ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ............)

හේවිසි තට්ටු තාලෙට නැටුව මනප්පු
ඇතෙක් කුලප්පු උනෙ හැදිලාද වලිප්පු
ඇත්ගොව්ව මනප්පු ,හොදට බීල කසිප්පු
හෙන්ඩුවෙන් ඇනපු පාරට අලිය කුලිප්පු

කඩසාප්පු කඩමිනා ,මේ ඇතා දුවන්නා
වහලකට නැගමිනා, ඇත්ගොව්ව බේරුනා
ඔය ඇතා තනිවුනා වෙඩි පහරකට යටවුනා
අයියෝ රාජ මැරුනා ,කාරෙක උඩට පෙරලුනා

ගින්දර කෑලි පෑගුනාට එවනි
පෙරත් අපෙ අලි ,මේ වගෙ කෙරුවද පෙරලි
පෙරත් අපෙ අලි ඔය ‍වගෙ කෙරුවද පෙරලි
වෙඩිපහරට ඇකිලී ,ඇත් රජු වැටුනලු මල්ලි

(ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ............)

Wally Bastian (පසු ගායනය Anton Jones)

ගා ගන්නෙ නැතුව මෙතනින් බා ගන්න
http://www.4shared.com/audio/yV131rQC/Ali_Kullapuwa_-_Anton_Jones.html?cau2=403tNull

තැටිය මැද්දෙ කලු කරාපු

තැටිය මැද්දෙ කලු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි උනාවු
මහ වැඩකට පෙලබුනාවු
අපි දැකල එයා හඩනවා

(ඇයි කොහොද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ)

ඉරට එලිය අඩු උනාට
සදට එලිය අඩු උනාට
අපිට මොටද කලාමැදිරියෝ

මදුරු තුඩට අහු උනාට
ඇගෙන් බිදක් අඩු උනා‍ට
නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ

ඉසුරු ..........
අමුතු ලොවක අප රදාපු
සිහින සිහින නොවේ සැමදිනේ
දිනක අපට අප පතාපු
ලොවක රජව නං දරාපු
පෑදේ පෑදේ වාසනාවේ

M.S.Fernando

ගා ගන්නෙ නැතිව බා ගන්න

ලස්සන රෝස මලක් මට ලස්සන නෑ

ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සමමනලය මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ... වාගේ නෑ

නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරිඅගේ
රන් වලින් දැංවැල් සදා
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්රියා ආදරී ඇතේ

මාව සනසන්න පිනවන්න මිණිමුතු රන්වලින් බෑ
ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්රියා ආදරී ඇතේ

කෝකිලයගෙ සුමිහිරි ගීතය මිහිරිවේ
සුන්දරයි දෙසවන් පිනා
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්රියා ආදරී ඇතේ

ඈගෙ සුදු මුහුන දුක් වීල ඇඩුවාට කැතවෙන්නෙ නෑ
මම ඔබෙ ඔබ මගෙ මගෙ හිත වෙන්වෙන්නෙ නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්රියා ආදරී ඇතේ

M.S. Frenando

ගා ගන්නෙ නැතුව මෙතනින් බා ගන්න
http://www.anangaya.com/rythem/sinhala_mp3/songs/sinhala_MP3/MS_Fernando/MS_Fernando-Lassana_Rosa_Malak.zip

නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි

නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින්

අසරණයි මෙ‍මා වැරදි නෑ කලේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ලදේ මා කෙරේ
හදවතින් මිදී වේදනා සුසුම් පාවුනේ
නැතිව දෝ අපේ සි‍ත් එදා ලෙසින් යා වුනේ

හදපානක් සේ ඇවිදින්

හදපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගෙරෙට
ගංගාවක් තරමට සිසිලස පිදුවයි නුබ මා හට
නෙත් ‍දාහක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටු විට
හදපානක් වූයේ නුබ නොවෙදෝ මා සිත් අහසට

දූවිලි හුලගින් පිරුණත් ඉපදුනු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ ... මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය ලැබුනත් මා ලද ගම් පියසේ ... මේ නගරේ කූඩු වෙන්න බෑ
ගම්මානය අත්හරින්න බෑ

අප දෙන්නා මුන ගැස්සූ මේ මහ නගරේ ... අතැර නුබට ගමට යන්න බෑ
මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතින් නුබ සිතනා මතු යම් දවසේ ... මේ නගරය පාලු වෙන්නෙ නෑ
මං තනියෙන් ගමට යන්නෙ නෑ

Samitha Mudunkotuwa


ගා ගන්නෙ නැතුව මෙතනින් බා ගන්න
http://beemp3.com/download.php?file=7143704&song=Sada+Panak+Se

Monday, December 20, 2010

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මාහට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන

මම වැඩට යන්නෙ දවල් 10 පහුවෙලා
මගෙ යාලුවො ඇත මා එනතුරු පුල පුලා
අපි ලොකු මහත්මය එන වෙලා‍ව බල බලා
මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා

මම වැඩකරනව කියාල කන්තෝරුවෙ
මගෙ මේසෙ ලගින් ඉදගෙන මම යාලුවෙ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
කටුගැන ගැන ඉන්නව ඔරලෝසුවේ

පාටියකට යන්නට මට තිබුනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්

පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
මගෙ යාලුවො ටික කරල තියයි නූලට
දවසක් අසු වෙන්න ගිහින් ලොක්කට
බේරුනෙ මම පූරුවෙ ලොකු පිනකට

පඩි දින හැර අනික් දවස බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එන කොට මම වැඩපල බලා
දහවල් කෑමට යන්නට සිදුවෙලා

කෑමට පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස්වෙලා තිබෙනවා
එවිට මෙමට වැඩකරන්න හිතෙනවා
නමුත් එතකොට මත් කන්තෝරුව ඇරෙනවා

ගා ගන්නෙ නැතුව මෙතනින් බා ගන්න
http://download949.mediafire.com/fzjns216docg/tkk5iuljzdt/Kanthoruwa.zip

සමහර තරුනො තරුණියන්ට රැවටිලා

ඔබගෙ අම්මද නැත්තම් ඔබගෙ බිරිදද
ඔබ ආදරෙ මේ දෙදෙනාගෙන් කාටද
ගෑනු අපට සිය ගණන් සෙව් හැකි
හැබැයි අම්ම කිව්වොත් එක්කෙනෙයිනෙ බොරු නැති

අතමිට කාසි පනම් ඇති විට
එතකොට ගෑනුත් ඇති වටපිට
එයල අතමිට නැති දා හැර යයි යන්නට
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට

සමහර තරුනො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කලා
ගෑනු ඕනෙතරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ

එදා චුල්ල පදුම රජතුමාගෙ බිසවට
පිපාසෙ උන කාන්තාරෙ යන කොට
රජා උරේ පලල ලේ දුන්නනෙ බොන්නට
රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට

ඈ ආස හිතිල අතපය නැති කොරෙකුට
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට
අම්ම එහෙම කරයිද තම පුතාට

එදා රජතුම සහ බිසව කැලේ යන විට
වැදි කුමරෙක් කඩා පැන්න සටනට
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට
ආස හිතුන රජතුමාගෙ බිසවට

කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට
කඩු කොපුව රජුට කඩුව දුන්න වැද්දට
අන්න ඒක නිසා නහින්න උන රජාට
ලමයො අම්ම එහෙම කරයිද තම පුතාට

ඔබෙ බිරිදව ඔබේ ලගට කැන්දා
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා
ඔබ බිරිදට ආදරෙන් ඉන්න සැමදා
මොකද ඔබෙ අම්මත් ගෑනුකෙනෙක් හන්දා

සමහර තරුනො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කලා
ගෑනු ඕනෙතරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ

M.S. Frenando

ගා ගන්නෙ නැතුව මෙතනින් බා ගන්න
http://www.sendspace.com/file/9ez7rw

Sunday, December 19, 2010

කියමු


ඕපදූප
වල්පල්
කේලම්
කුණුහරුප
නොකියා අපි
සින්දු කියමුද ?

එහෙනම්

සා ගන්න
රී ගන්න
හැබැයි ගා ගන්න එපා