Friday, January 13, 2012

කතරක තනිවී ඔබ යන අයුරු තෙමි තෙමී




කතරක තනිවී ඔබ යන අයුරු තෙමි තෙමී
හිමසෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක්‌ තැනම නොම රැඳී
පැමිණෙන දුක්‌ පැණිරස බව නොදිටුවෙද දනී

සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට හෙවණ මම වෙමි
තෙමිච්ච හද ගඟ උතුරා ගලනු දැනි දැනී
තව වෙන තැන් තිබුනට නිහඩවම හිනැහෙමි

විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙසිත කුමටද නැතිවිට මුව මුකුළු
ගඟක්‌ ලෙස ගලාවිත් නැවි නැවී දඟ වැදී
මගෙත් දෙපා පිසගනු මැන සිහිල



2 comments:

  1. මේ වචන වැරදියි නේද?

    කතරක තනිවී ඔබයන අයුරු පෙනි පෙනී
    හිමසෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
    ගිම්හානය පැමිණී එක්‌ තැනම නොම රැඳේ
    පැමිණෙන දුක්‌ පැණිරස බව නොදිටුවෙද දනී

    සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
    ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි
    සෙනෙහස හද තුළ උතුරා ගලනු දැනි දැනී
    තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

    විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
    දසන් දෙතිස කුමටද නැතිවිට මුව මුකුළු
    ගඟක්‌ ලෙස ගලාවිත් නැවි නැවී දඟ වැදී
    මගෙත් දෙපා පිසගනු මැන සිහිල සිතට දී

    ReplyDelete
  2. වචන වැරදි, හිම සෙල මුදුනත හිටියත් - හිම කන්දක් උඩ හිටියත් කියන අර්ථය

    ReplyDelete

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා