Monday, June 9, 2014

වන්නි වන පෙතේ



වන්නි වන පෙතේ
ගම් දනවු පුරා නිවහන
වංක ගිරි වනේ
වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්

කන්ට බෑ කියා
තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත්
නිතර දන් දුන්
පියවරුන් වෙතින්
ජාත වී ඇතත්
පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්

කල්ප කාලයක්
පරපුර දුන්නු දන්
ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ
සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත
කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම
බුදිති බෝ දුකින්

කල්බලමින් ලතවෙමි නෙත් ඔබ වෙත යොමුවේ


කල්බලමින් ලතවෙමි නෙත් ඔබ වෙත යොමුවේ
මල් සුපිපුනු අතුඅග කවුරුද කටු තැබුවේ

එතර ගලනු බැරිනම් ලොව සුවදින් නහවා
අතර මග රැදෙන්නට මද පවන නොවේවා
සතර අතට යන මගෙ සිත විමසන ඒවා
මටම ගැටලුවකි පිලිතුරු මතු හමුවේවා

කල්බලමින් ලතවෙමි .. ..

වළාකුලක දිය පරදන කදුලු ඇත ඇසේ
අලාමක සිතුම් මගෙ තනිකමට ලග වෙසේ
බලාඉදුම හැර ඔබ හා ඇදෙමිදෝ කෙසේ
ගලා යන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ

 කල්බලමින් ලතවෙමි .. ..


Srimathi Thilakarathna 
Premakeerthi de Alwis
Victor Rathnayake