Monday, March 24, 2014

කොච්චර කෙරුවත් හොඳක් අහන් නෑ




කොච්චර කෙරුවත් හොඳක් අහන් නෑ
දනට පිනට රිසි පින්වත්තූ
දෙව්දත්වරු මිස ඉපදී නැතුව ද
බුදු බව පතනා බෝසත්තූ....//

කැළෑ කොළේ සිට ගඟේ වතුර ටික
උලා දමා නසනා මිසකා...//
අනේ අපොයි ඌ කියාල උණු වී
නොරකිනු ඇයි තවෙකෙකු අනිකා...

මගේ කුස ම නොව අනිකෙකුගේ කුස
බත් පතකින් පුරවා පිනනා...//
බණේ පැවත එන වදන් කියවු ලොව
පරම්පරාවට මතු නැඟෙනා...


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ටියුලින් ජයරත්න
ගායනය : අබේවර්ධන බාලසූරිය

https://www.youtube.com/watch?v=btju5X0k9iQ

පායන දේදුනු කුමට ද පළ නැත

පායන දේදුනු කුමට ද පළ නැත
ඇහි බැමි ඇත ඔබ වතේ
මා ලඟ ඈ ඇත ඒ වත මට ඇත 
නොතැවෙනු මැන සඳ වතේ...
ආදරයේ සමනලියේ මා ඔබගේ
මලය ප්‍රියේ......

නෙළුම් විලයි හිරු එළියයි 
අරුණෙහි හිනැහෙන නිසා
සමන් වැලයි මල් පොකුරයි
සුළඟේ නැළවෙන නිසා...
ආදරෙන් බලන්නේ කවුරුදෝ සොයන්නේ
අපේ පෙම් කතාවේ මා ඔබේ පෙම් කුමරාවේ...

අදයි හෙටයි මතු දවසයි
ඔබෙ පිය සෙවනෙහි මවා...
ලැඟුම් ලබයි මගෙ දෙනුවන්
උදයෙහි මෙන් රෑ දිවා...
ජීවිතේ වසන්තේ නැඟෙන තුරු දසන්තේ
බැඳී ඉමු දයාවේ ආදරේ මල් රජ දහනේ

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සරත් දසනායක
ගායනය : එච්. ආර්. ජෝතිපාල


චිත්‍රපටය : වානරයෝ (1976)
නිෂ්පාදනය : මෙත්තානන්ද සිල්වා
අධ්‍යක්ෂණය : සරච්චන්ද්‍ර හේරත්