Saturday, December 28, 2013

කල්බලමින් ලතවෙමි නෙත් ඔබ වෙත යොමුවේ



කල්බලමින් ලතවෙමි නෙත් ඔබ වෙත යොමුවේ
මල් සුපිපුනු අතු අග කවුරුද කටු තැබුවේ

එතෙර ගලනු බැරිනම් ලොව සුවදින් නහවා
අතර මග රැදෙන්නට මදපවන නොවේවා
සතර අතට යන මගෙ සිත විමසන ඒවා
මටම ගැටලුවකි පිලිතුරු මතු හමුවේවා

කල්බලමින් ලතවෙමි නෙත් ඔබ වෙත යොමුවේ
මල් සුපිපුනු අතු අග කවුරුද කටු තැබුවේ

වළාකුලක දිය පරදන කදුලු ඇත ඇසේ
අලාමක සිතුම් මගෙ තනිකමට ලග වෙසේ
බලා ඉදුම හැර ඔබ හා ඇදෙමි දෝ කෙසේ
ගලා යන්න ගංගාවේ පෙරට පෙර ලෙසේ

කල්බලමින් ලතවෙමි නෙත් ඔබ වෙත යොමුවේ
මල් සුපිපුනු අතු අග කවුරුද කටු තැබුවේ




Srimathi Thilakaratne
lyrics Premakeerthi de Alwis

Melody/Music Victer Rathnayaka