Friday, November 1, 2013

ගිලුනා සෝක ගගේ පතුලේ හෟදෙ මගේ



ගිලුනා සෝක ගගේ
පතුලේ හෟදෙ මගේ
සැනසී මා ඇතිවී මා තනිවී ප්‍රේම ලොවේ //
ගිලුනා සෝක ගගේ

දෛවේ සාපෙ මහා
බිහිසුනු දෝ ජාලෙ තමා
බැදි ඒ ආලෙ නිසා කදුලු බිබී ඉන්ට උනා

මහ මෙර ගිරට වඩා දුක්බර මා ලයට තබා
කොහෙදෝ මා හැර‍දා ගියමි මාගේ ප්‍රේම සුදා
සොයමී ලෝකෙ පුරා ඔබට ඔබට බැදී ආලෙ නිසා


R Muththusami

lyrics Benedict Fernando

Nalagana Movie

giluna soka gage pathule 

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම 
මට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම....
මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම 
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම 
ලලිත පෙම ....

කිරිසාගරයෙන් කිඳුරු ලියන් ආවා 
මට පෙම් මුතුලැල් පළඳනවැයි කිව්වා
සුර ළඳුන් වනේ දේව ළඳුන් ආවා 
මට මල් සරගේ දුන්න අරන් ආවා

කිඳුරු ලතාවිය 
දිව්ය කුමාරිය 
මට කුමට ලදේ නැත්නම් 
ඔය දේහ සුරූපය

සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම් 
රන්පාවඩ මත කැන්දාගෙන යන්නම් 
රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම් 
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්

පොකුරු හිනාවයි 
දෑස ඉනාවයි 
වත සුවඳ කොකුම් 
බිඟු රොන් 
හද ගීත ලතාවයි

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම 
මට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම...
මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම 
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම 
ලලිත පෙම ....

මුකුළු පෙම
ලලිත පෙම //  

Victor Rathnayake / Sisira Senaratne


පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැගුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

බිංදු බිංදු පිනි මුතුවැල් මඟ සරසනවා
මට නොකියම හෙමි හෙමිහිට පියල් සරනවා
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ

පොකුරු පොකුරු මල් සැණකෙලි ඔමරි .. .

මට මතකයි මට මතකයි පුංචිකාලේ මං
රෑ හීනෙන් දේදුන්නේ නැගීගියා මං
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑ වුනා
රිදී කාසි හැලෙන හඬින් සිත හිනාවුනා

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ..

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ
කවුරුන්හෝ මට කියන්න කණට කොඳුරලා
ආදරයද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා //

Latha Walpola