Thursday, September 19, 2013

මගෙ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකී


මගෙ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකී
මොනවා කරමිද මොනවා කියමිද
නොදැනෙයි පුදුමයකී //

යන එන මාවත ඇහිරී කොටුවී අද මට මා නැත්තේ
හෙට හිරු එලියේ මෙතනින් පිටවී කොයිබද යා යුත්තේ
සුලු වරදක් ගැන මහමෙර තරමට ඇයි ඔබ සලකන්නේ
මිනිස් ගතිය ලොව බිහිවුනදා සිට වෙනසක් වී නැත්තේ

මගෙ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකී
මොනවා කරමිද මොනවා කියමිද
නොදැනෙයි පුදුමයකී //

මගෙ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකී
කිදුරු රජිනියේ මගේ ආදරේ
තවම ඔබට පමනයි //


Milton Mallawarachchi

http://www.youtube.com/watch?v=gsFJhzF_QcY

දිලි දිලි දිලිසෙන එලියක් එලියෙන් දෙන කලඑලියක්



දිලි දිලි දිලිසෙන එලියක්
එලියෙන් දෙන කලඑලියක්
කලුගල් අතරට මැණිකක් පහල වෙලා ඇතේ //

නැකතට පෝරුවේ කැලි පෙලි නැතිවට
දෑවෑදි රන් පොදු පැතුවේ නැතුවට
ලොකුවට මගුලක් ගත්තේ නැතිවට
ලොක්ක ගෙනා මනමාලිය හරි පිංපාටයි හරි පෙම්පාටයි

දිලි දිලි දිලිසෙන එලියක්
එලියෙන් දෙන කලඑලියක්
කලුගල් අතරට මැණිකක් පහල වෙලා ඇතේ //

ලොක්කන් ඌවත් ලොකු අඩුවක් ඇත
නෝනෙක් නැත්නම් කිසි එලියක් නැත
ඔක්කොම එක්කල වැනි ලොව සම්පත
ලොක්ක ගෙනා මනමාලිය හරි සිරියාවයි කිරි උතුරා යයි

දිලි දිලි දිලිසෙන එලියක්
එලියෙන් දෙන කලඑලියක්
කලුගල් අතරට මැණිකක් පහල වෙලා ඇතේ //

අද වැනි කන බොන දවසක් ඇතිදෝ
අද නොම නටනා නැටුමක් වෙතිදෝ
මංගල දිනයක් මේ වැනි කොහෙදෝ
ලොක්කගෙනා මනමාලිය ගැන සංතෝසයි හරි සංතෝසයි

දිලි දිලි දිලිසෙන එලියක්
එලියෙන් දෙන කලඑලියක්
කලුගල් අතරට මැණිකක් පහල වෙලා ඇතේ //


M S Fernando

Sikuruliya Movie