Saturday, June 8, 2013

මල් යහනාවකි ලෝකේ



මල් යහනාවකි ලෝකේ - නැහැවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී - ජීවය තණඅග පිණිබිදකී //

ඊයේ ගතවිය හෙට පැමිනී නැත - අද පමනයි ඇත්තේ//
සද බැස යාවිද‍ ඉරු නැග ඒවිද - එය ස්ථිර නැත්තේ//
සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුනු තැනදි ඇයි සිතමින් ලතවෙන්නේ

මල් යහනාවකි ලෝකේ - නැහැවෙ..

රන්වන් පැහැයෙන් රහසින් අමතන - මීවිත අතට ගමු //
මල් මදිරාවේ පෙම්සිලිලාරෙ - රසවිද ඔකද වෙමු //
පියාසලාගෙන කාලය පියබනවා - පමා උනෝතින් අප මග තනිවෙනවා

මල් යහනාවකි ලෝකේ - නැහැවෙ...

අඩමින් ඉපදී - අඩමින් පවසී - අඩමින් අප යන්නේ ///
එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි - ඇයි බල බල ඉන්නේ ///
පල නැත අවුරුදු සියයක් සුසුම් හෙලා
දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා


 M S Fernando 

 lyricsKarunarathne Abeysekara