සඳ මිදුලට එනවා ඇගෙ වත සිහිවෙනවා සඳ වතුරේ නලවා සතපා ඇය රෑ එළියේ සැගවී යනවා ඈ ඉන්නේ සඳ රේණුයේ මා ඉන්නෙ මගෙ ලෝකයේ ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි මා මෙහි තබා පාළුවේ පායන්න යළි මේ ලෙසේ වෑහෙන්න මධු ජීවිතේ රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි ඈ නෙත් සලා ආ ලෙසේ
Victor Rathnayaka
කතරක තනිවී ඔබ යන අයුරු තෙමි තෙමී
හිමසෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැඳී
පැමිණෙන දුක් පැණිරස බව නොදිටුවෙද දනී
සඳ නොදනින නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට හෙවණ මම වෙමි
තෙමිච්ච හද ගඟ උතුරා ගලනු දැනි දැනී
තව වෙන තැන් තිබුනට නිහඩවම හිනැහෙමි
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙසිත කුමටද නැතිවිට මුව මුකුළු
ගඟක් ලෙස ගලාවිත් නැවි නැවී දඟ වැදී
මගෙත් දෙපා පිසගනු මැන සිහිල
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි //
ලා ලියරුව දීලා
පා මිනි හඩවාලා //
උක්දඩු කැලේ
මල්සර සැලේ වසන්ත කාලයේ
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
ලා හිරුකැන් පායා
මා හද පිබිදීලා
කින්නර කොනේ.. රංගන දිලේ
නුවන් අවන්හලේ
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
Victor Rathnayaka