Friday, August 12, 2011

ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සගවාගනු බෑ නෙ ආදරේ

ඔබ මුලින් දුටුව දින මා
මුලු හදවතින්ම බැදුනා
මතකයි එදිනේ රහසින් බැදුනා ආදරේ....

සිත ඔබ ලගින්ම රැදුනා
මට කියාදෙන්න සිතුනා
තාමත් පවසාගනු බෑ ම‍හදේ ආදරේ........

ආදරේ ආදරේ ආදරේ ආදරේ//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවාගනු බෑ නෙ ආදරේ

සිත නොදුන්නාද අසලා
කාටවත් නොමැත කියලා
මාගෙන් කිසිදා නැඇසූ නොකියූ ආදරේ......
සුරගනක් ලෙසින් දකිනා
සුබ දසුනකි මන බදිනා
ඔබගෙන් තවනෑ පැතුයේ පතනා ආදරේ....

ආදරේ ආදරේ ආදරේ ආදරේ//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවාගනු බෑ නෙ ආදරේ

සිහිනෙනුත් ඔබව දුටුවා
සැබවිනුත් ඔබව දුටුවා
දෙනෙතින් ඔබනෑ දුටුවේ තවනෑ ආදරේ....
තනියෙනුත් පාලුවෙන් මා
අද ගෙවන දිවිය සැමදා
ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ ආදරේ.....

ආදරේ ආදරේ ආදරේ ආදරේ//
ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත
සගවාගනු බෑ නෙ ආදරේ

Sohan Weerasinghe

බාගන්න

ආදරේ ඔබගෙන් හිමි වේදෝ

ආදරේ ඔබගෙන් හිමි වේදෝ
මා‍‍ ඔබේ සැනසුම නේදෝ
මල්සරේ පාවීලා ඒ සුවේ වෑහිලා
මගේ දෑසේ ආදරේ සේයා

යන් යන් යන් පාවී පවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙ‍ම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා
ඔබ සොයා මම ආවා

ජීවිතේ සැනසුම් හමුවේවා
ආදරේ තන ලං වේවා
රන්රසේ පෑහිලා ආදරේ නෑවීලා
පාරාදීසා වේදනා නෑ.... නෑ

යන් යන් යන් පාවී පවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙ‍ම් පෙම් පෙම්

Jagath Wickramasinghe

බාගන්න


Tuesday, August 2, 2011

තරහ නොවෙන් මචන්

http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1878

ගුනෙ අයියගෙ බජව් දාන කාමරේ WELCOME

වෙල්කම් වෙල්කම් මචන් ඩබල් සැලුන් දමාලා
සම්තින් සම්තින් ‍හොයන් ගියපු ගුනෙ අයියා ආයෙ ඇවිල්ලා
ටිවිංකල් ටිවිංකල් ‍ලිටිල් ෆෙලෝස්ලා ඔක්කොම අයින් වෙයල්ලා
කම් ඉන් කම් ඉන් සොමි පොරවල් ටික සේරම මෙහෙට වරෙල්ලා‍

කැමර කටෝ මෙහෙට වරෝ
කලර් දමා ෆොටෝ ගනිං
ගුස්පි රොබෝ පච්ච සිරෝ
පතර ...... ඇදල ගනිං


බයියෝ බයියේ බජව් වලට පොල්ල තියපු සින්දු කටාලා
ගොයියෝ ගොයියෝ අරන් ඇවිත් වදේ දමව් හොදට පොවාලා
දෙයියෝ දොයියෝ නැති ඩිංගට සයිස් දාපු ගොරක මෑන්ස්ලා
අයියෝ අයියෝ ගුනෙ අයියට අද වදිනව දෙකට නැමීලා

සයිඩ් එකේ ශේප් එකේ වැඩේ දියන් දමල දඩේ
කවර් එකේ පවර් එකේ අච්චු දියන් ඇදල ලෙඩේ

නාඩන් නාඩන් බර පොරවල් සේරම ටික මෙන්න ඇවිල්ලා
ඇම්ඩන් ඇම්ඩන් පීචන් ග්‍රහයන් ඔක්කොම එලව දමල්ලා
හොල්මන් හොල්මන් නොකර නිකන් තමුන්ගෙ වැඩ බලාගනිල්ලා
වෙල්ඩන් වෙල්ඩන් විසිල් ගහල අපේ සොමිය පටන් ගනිල්ලා

රතට රතේ රුදිරෙ ඇතේ හයිය හිතේ හොදට ඇතේ
කාසි නැතේ වාසි නැතේ අපේ පොතේ බොරුව නැතේ

Nihal Nelsan

බාගන්න

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ
අහපන් රියල් කතා
ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකේ
වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි
තියෙනවා මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලා ලා
ගුස්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

නළු මන්ට් ලා නිලි මන්ට් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරින් කකුල්ස් එකට වැටීලා
ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් බීඩා ගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත


මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ