Tuesday, July 26, 2011

ගමනේ ගිම් නිවූ එදා

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙලා/

මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා
ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා

ගමනේ ගිම් නිවූ එදා.../

ඔබ මං මුළා වෙලා ගියා - පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ පිරමිදයේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලි දෛවයේ තාරකා

ගමනේ ගිම් නිවූ එදා.../

Milton Mallawarachchi

බාගන්න


හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට

හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
සිත මගෙ බොලද වෙලා
අන්සතු හදකට පෙම්කල වරදට
නුඔ මට එරෙහි වෙලා

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බෑ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී

හිමි නැති පෙමකට ඉකිබිද...//

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සි‍‍තෙයි අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිද හිනැහෙනු මැනවී

හිමි නැති පෙමකට ඉකිබිද...//

Malani Bulathsinhala

බාගන්න
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානෙ මේ හිත වසුන්දරී
දිගු දෑස බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ

ඇස්පියෙන් අදියි කෑලි කැපෙන රදු රාත්‍රියේ
කීරිගැහෙන සිත අනුහස අයදියි ප්‍රේමයේ
එය පමනක් ශේෂය වේනම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙනවා සිත අවිවේකයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදකලාව අවනඩුවක් ගෑනු ලමයෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන..../

ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැතිනම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමෙන් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදකලාව අවනඩුවක් ගෑනු ලමයෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන..../

Amarasiri Peris

බාගන්න

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරුනු නගරයයි//

වැව් ඉවුරේ දියරල පෙල සේම බිදෙනවා
නුග ගස්පෙල අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කදුලැල්ලෙන් එතෙර පෙනනවා
ඔබත් එක්ක ආයෙත් එහෙ යන්න හිතෙනවා

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරුනු නගරයයි//

ඔබත් අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිගිති පුතා අතැගිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා

මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන්කෙරුනු නගරයයි//


කෝ මා පැතූ ඔබෙ ආදරේ

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

ආවේ එදා මා තනීවී ලොවේ හී
නැතිවී ගියා ඒ හැගුමන් මෙහී
යලි මා අනාතයි උතුරාගලායයි
සංවේදනා

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

ඈ හා අතීතේ ගැයු ගීතරාවෙ
මුසුවී ඇසේ වා සුල‍ගේ පවා
කිරිලී කැදැල්ලේ ,කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

පායා පහන් වූ රන් තාරකාවෝ
අදුරේ දමා මා නොපෙනී ගියා
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන්තාරකා

කෝ මා පැතූ ඔබෙ ආදරේ//
කෝ මා පැතූ

T.M. Jayarathne


අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා

අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා //

ලොව මල් පිබිදෙන්නේ යලි පරවෙන්නට නම්
අප හද එක්වන්නෙත් වෙන්නවන්ට නම්
යලි වෙන්වන්නට නම්

අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා

පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
හමුවූවත් යලි සැනකෙන් වෙන්වීයයි නම්
අප යලි තනිවේ නම්

අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා
අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා

T.M. Jayarathne

බා ගන්න


Sunday, July 24, 2011

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා
හරි ලස්සන කෙල්ලෙ උන්නා ‍‍‍..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා//

දවසක් දෙන්න ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ
ආසයි කියන්නත් ආසයි ඒ තරුනි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ අර සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයිය සිතුවා සේ මාටින් අයියත් සිතුවේ

වැදුනා දෙන්නටම විසාල සැකයක් හිත ඇතුලට වැදුනා
සිතුනා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුනා
සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතුවයි
මාටින් මේක ගැන දන්‍නෑ එයත් එන්නෙ තනිවයි

සයිමන් අයියයි මාටින් අයියයි හොද.... /

තරගේ දෙන්නගෙ අ‍තරේ දවසින් දවසට මෝරයි
ඇදුමෙන් පැලදුමෙන් වගේ සැන්ට් පවුඩර් සුවද හමයි
දවසක් දෙන්න මුන ගැසුනේ මේ තරුනිගෙ නිවස ලගයි
තරුනී දොරකොඩ සිටියේ තම සැමියා සමගයි

තරුනන් දෙන්න අර යන්නේ සැමියනි හරි කරුනාවන්තයි
මෙතනින් යනකොට කොයිවෙලාවටත් යන්නේ හිනාවෙලයි
ඈ නම් විවිහාක ලදකී තරුණියක් වගේ පෙනුනේ
එනමුත් බොහොම ගණවන්තයි කා සමගත් සිනාසුනේ

එතැනින් දෙන්නටම දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා තාමත් හොද මිතුරො තමයි


සයිමන් අයියයි මාටින් අයියයි හොද.... /

බාගන්න



ලංකාවෙ ඉදලයි මම ආවෙ සීතල රටට අනේ

ලංකාවෙ ඉදලයි මම ආවෙ සීතල රටට අනේ
ආවට පස්සෙයි තේරුනේ අනෙ මගේ රටේ අ‍ගේ
ඒ උනාට මට තිබුනෙත් හොදටම රටයන උනුසුම නේ
නිතරම හිතුවේ ඇමරිකාව සහ එංගලන්තෙ ගැනනේ

මගේ රටේ නම් කන්නේ බොන්නේ ඔක්කොම හොරෙන් අනේ
මෙහෙත් එහෙම දේවල් හරියට අනෙ හරිම සූපිං නේ
යන යන හැම තැන කන්නයි බොන්නයි බීලම හෙඩෙක් අනේ
ආපහු යනකොට කොහොම ඉදීද කියල දන්නෑ අනේ

ලංකාවෙ ඉදලයි මම......

මගේ රටේ අය මෙහේ අවම මොනවද වෙනව අනේ
ඒවා දැකලා මටත් අනේ දැන් මොකද්ද වෙලා වගේ
ඉයස් ඉයස් යු නෝ කියලා බැන්නලු කට මගෙ උලුක් අනේ
අලුත්ම වචනේ ඉගෙනෙගත්තෙ මම ඊයස් කියලානේ

ලංකාවෙ ඉදලයි ම.....

අනේ අපොයි මං කවදා යන්නද මගේ රටට ආයේ
ගෙදරයි ඉඩමයි ඔක්කොම තියලයි මම මෙහෙට ආවෙ
ඇඩෙනව ඇඩෙනව ඇඩිලා ඉවරයි කදුලුත් නෑ අනේ
ආපහු යන්නේ ලංකාවට මම ක්වීන්ව අරන් අනේ

ලංකාවෙ ඉදලයි මම......