Wednesday, June 8, 2011

මගෙ හිතෙ දුකක් කියා දෙයක් නෑ

මගෙ හිතෙ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

ආදරේ ඕනෙදෝ කාට හෝ
වේදනා ලබන්න ආසාදෝ
පාලුවෙන් මිදෙන්න ඕනේ කාටදෝ
දෙන්නෙමි සහන් බිඳක් කියන්නකෝ

මගෙ හිතෙ දුකක් කියා දෙයක් නෑ ..

නොදන්නෙමි අතීතයේදි ආදරේ
දැන් දනී පුදන්නෙ කොයි ලෙසේ
පෙම්වතා වෙමී ඔබේ අදත් මෙමා
නමුත් ඔබේ නොවේ හෙටින් පසු මා......

Rukantha Gunathilaka

Wednesday, June 1, 2011

කාගෙද ගොං වස්සා

මගෙ කුඹුරේ ඉනි වැට බිදිලා
ලපටි ගොයම් පැල කාදමලා
රැක සිටියෙමි වෙහෙසක් නොබලා
අල්ලාගෙන ආවෙමි බැදලා

කාගෙද ගොං වස්සා
මගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා
පවරා දෙමි වස්සා

කාගෙද මේ හොර වසු පැටියා
සොයා කෙනෙක් එන තුරු සිටියා
අය කරගෙන දෙමි හොර කොටියා

කාගෙද ගොං වස්සා //

සවස් වෙලා අපෙ ගේ පැත්තේ
කව්ද බොලේ එනවා දැක්කේ
වැටේ කඩුල්ලේ අර පැත්තේ
හදුනන මුහුනකි මම දැක්කේ//

මොකද ලදේ මේ අරුමැක්කේ
කලකින් ඔබෙ ලස්සන දැක්කේ
අප ගැන ඇයි සැලකුම් නැත්තේ
මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ

කාගෙද ගොං වස්සා //

සිරිමල් අයියට පැණි වරකා
ගෙන ආවෙමි ගෙදරින් පොරකා
සිරිමල් අයියේ මට සලකා
දෙනවද මට මගෙ කලුහරකා

දුන්නට පැණි වරකා
දෙන්නම් කලුහරකා
මා ගැන තව සලකා
දෙනවද බහ මැණිකා

මට දෙනවද බහ මැණිකා ///

Annesley Malawana



හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි

හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා

හිත ඉගිලෙනවා කාෂ්මීරයේ
සුදු හිම කදු අතරේ
මා තනි වෙනවා
පා යුග දවනා නිරුදක වැලි කතරේ

හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි//

මා සැනහෙනවා මා ප්‍රිය ලදකේ
බැදි සැනසුම් සිසිලේ
සිත හිනහෙනවා
මා මගතොටදී දුටු ලද මුවමඩලේ

Rohana Baddage




අමර පෙම් ලතාවේ

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ//
අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දි‍රේ.
ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ//
කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ

ඔබෙ දෙපා ළග මගේ තුරුණු හද පිදේ
හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළී ගමී ඔබගෙ ජීවිතේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ//

ඔබ දන්නවනම් එක කඳූළු බිඳක්

ඔබ දන්නවනම් එක කඳූළු බිඳක්
සිත යටට වෙලා දුක්විඳීන තරම්
ඒ කඳූල වුණත් නෙතු අගට ඇවිත්
යළි ඔබේ පයට පෑගෙනවා නම් //

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳීන තරම්
ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙළා රිදවනවා නම්

ඔබ දන්නවනම් ....

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව්වරුනි උතුම්
මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්

ඔබ දන්නවනම් ....