Monday, May 30, 2011

ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම්

ඇගෙ සිනහව තහනම් - ගෙදරින් මට තහනම්
සැල වෙයි ගෙදරට ඇය හමුඋනොතින්
චරපුරුශයෝ ඇවිත් මා වටලා
යන එන හැම තැන් මුරදාලා

යාබද නිවසේ ඇය ඉන්නේ
ඉනමුදු ගව්වක දුරු වැන්නේ//
යාබද නිවසේ ඇය ඉන්නේ

ඇගෙ සිනහව තහනම් -ගෙදරින් මට තහනම් /

පෙලපත කුල ගොත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා//
පෙලපත කුලගොත වෙනස් වෙලා

ඇගෙ සිනහව තහනම් -ගෙදරින් මට තහනම්‍‍/

සුදු මුදු වැල්ලේ සුළග හමන්නේ ආදරෙන්

සුදු මුදු වැල්ලේ සුළග හමන්නේ ආදරෙන්
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරෙන්
දිලි දිලී අහසේ
නිවි නිවී රහසේ
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ

මල්සුවද සොයා බඹරා එනවා
ආදරය සොයා ඔබ ලග වෙනවා

සමනල් රෑනේ පියඹා යනවා

සෙනෙහේ සුවදේ සැමදා

ලොව සැනසීමයි -ලොව නැලවීමයි
ලොව ගැලවීමයි- ආදරය තමයි

ඔබ හා එනවා -ඔබ හා යනවා
දිවිතිබෙන තුරා- සිත සැනසෙනවා

සෙනෙහේ සැරදේ සැමදා

Rukantha & Chandraleka

http://www.4shared.com/get/hMMaeU9E/SUDU_MUDU_WELLE.html

Thursday, May 5, 2011

කුරුල්ලන්ට ගී හදන්න ..ගහට කොලට පාට එන්න

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොලට පාට එන්න
වීසි කලේමි
හදේ තිබුනු ආදරයයි කරුනාවයි
කාටවත් නොදී

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත් හදේ දරා සිටි හන්දා

කුරුලු ගීත මට ඇහුනා
ගහේ කොලේ මල් පිපුනා
ලදකට පිදුවාට වඩා සතුටක් මට ඉන් ලැබුනා